Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:5 - Sinhala Revised Old Version

5 එසේවූ බැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ දේශය කොල්ලයක් කොට උඳුරාගන්න පිණිස මුළු සිතේ සන්තෝෂයෙන්ද ආත්මයේ උඩඟුකමින්ද ඒක තමුන්ට උරුමයක් කොට නියමකරගත් ඉතුරු ජාතීන්ටත් මුළු ඒදොම්ටත් විරුද්ධව සැබෑවටම මාගේ ජ්වලිත ගින්නෙන් මම කථාකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ දේශය කොල්ලයක් කොට උදුරාගන්න පිණිස සිතේ මහා සතුටකින් ද ඉමහත් අහංකාරයකින් ද මාගේ දේශය තමන්ට උරුමයක් කොට නියම කරගත් ඉතිරි ව සිටින ජාතීන්ටත්, විශේෂයෙන් මුළු ඒදොම් රටටත් විරුද්ධ ව සැබෑවට ම මාගේ කෝපාග්නියෙන් මම දිවුරා කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 “එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ දේශය කොල්ලයක් කොට උදුරාගන්න පිණිස සිතේ මහා සතුටකින් ද ඉමහත් අහංකාරයකින් ද මාගේ දේශය තමන්ට උරුමයක් කොට නියම කරගත් ඉතිරි ව සිටින ජාතීන්ටත්, විශේෂයෙන් මුළු ඒදොම් රටටත් විරුද්ධ ව සැබෑවට ම මාගේ කෝපාග්නියෙන් මම දිවුරා කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:5
32 හුවමාරු යොමු  

එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.


නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. ඉතුරු ජාතීන්ට නුඹලා උරුමයක් වෙන පිණිස ඔවුන් නුඹලා පාළුකළ බැවින්ද නුඹලා වටකර හතිදමමින්ද ඉවඅල්ලන බැවින්ද නුඹලා තොල්වල දෙඩීමක්ව සෙනඟ අතරේ නින්දාවක්ව සිටින බැවින්ද,


නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය.


මක්නිසාද මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි: සැබවින්ම ඒ කාලයේදී ඉශ්‍රායෙල් රටෙහි මහත් කම්පාවක් වන්නේය;


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විනාශකරන ගින්නක් වන, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්ය.


එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.


නුඹේ සහෝදරයාගේ දවස වන ඔහුගේ විපත්ති දවස නොබලන්න, යූදා පුත්‍රයන්ගේ විනාශවීමේ දවසේදී ඔවුන් ගැන ප්‍රීති නොවන්න; ඔවුන්ගේ විපත්ති දවසේදී උඩඟුකමෙන් කථා නොකරන්න.


ඌශ් දේශයෙහි වාසයකරන ඒදොම් දුව, ප්‍රීති සන්තෝෂවෙයන්න. කුසලාන නුඹ වෙතටත් පැමිණෙන්නේය; නුඹ මත්ව නිර්වස්ත්‍රව සිටින්නීය.


මාගේ උරුමය කොල්ලකන තැනැත්තෙනි, නුඹලා ප්‍රීති සන්තෝෂවෙන නිසාත්, ගොයම් මඩින එළනෑම්බියෙකු මෙන් පැනනගින නිසාත්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරන නිසාත්,


අම්මොන් පුත්‍රයන් ගැනය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ට පුත්‍රයෝ නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? ඇත්නම් මල්කාම් ගාද් රට හිමිකරගත්තෙත් ඔහුගේ සෙනඟ එහි නුවරවල වාසයකරන්නෙත් මක්නිසාද?


දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.


යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දාන් එගොඩින්ද තීර් සහ සීදොන් අවටින්ද මහත් සමූහයක් උන්වහන්සේ විසින් කරනලද මහත් ක්‍රියා ගැන අසා උන්වහන්සේ ළඟට ආවෝය.


ස්වාමිනි, කොපමණ කල් ඔබ නිරන්තරයෙන් උදහස්ව සිටිනසේක්ද? ඔබගේ ජ්වලිතය ගින්න මෙන් දැවෙන්නේද?


මෙසේ මාගේ උදහස ඉෂ්ටවන්නේය, ඔවුන් කෙරෙහි මාගේ කෝපය සංසිඳුවා පළිගන්නෙමි. මා විසින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන විට ස්වාමිවූ මම මාගේ ජ්වලිතකමෙන් කථාකළ බව ඔවුන් දැනගන්නවා ඇත.


එබැවින් ඉශ්‍රායෙල් රට ගැන අනාගතවාක්‍ය කියමින්, කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න–බලව, නුඹලා ජාතීන්ගේ නින්දාව දැරු නිසා මාගේ ජ්වලිතයෙන්ද මාගේ උදහසින්ද මම කථාකෙළෙමි.


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට මා හිමිකරදුන් උරුමයට අතගහන මාගේ සියලුම නපුරු අසල්වාසීන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි, යූදා වංශයද ඔවුන් අතරෙන් උදුරාදමන්නෙමි,


මා සමග කථාකළ දූතයාද: නුඹ මොරගසා මෙසේ කියන්න–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජ්වලිතයකින් ජ්වලිතව සිටිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්