රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හදද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. ඔව්හුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.
හිතෝපදේශ 31:5 - Sinhala Revised Old Version බීවොත් ඔව්හු සමහරවිට නීතිය සිහිනැතිකොට අසරණයන්ගේ නඩුව පෙරළන්නෝය. Sinhala New Revised Version සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති. Sinhala New Revised Version 2018 සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති. |
රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හදද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. ඔව්හුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.
දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාම ස්වාමීන්වහන්සේට එකාකාර පිළිකුලක්ය.
සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන කල නුඹවත් නුඹේ පුත්‍රයෝවත් නොනසින පිණිස මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් පානයනොකරන්න.
ඇරත් මුද්‍රිකපානය ද්‍රෝහියෙක්ය, අහංකාරවූ, ගෙදර නැවතී නොසිට තමාගේ ආශාව පාතාලය මෙන් විශාලකරගන, මරණය මෙන් තෘප්තියට නොපැමිණ, තමා වෙතට සියලු ජාතීන් රැස්කර ගන්නාවූ තමා වෙතට සියලු ජනයන් එකතුකරගන්නාවූ මනුෂ්‍යයෙක්ය.
නුඹ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය.