සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රංචුවක් රංචුවක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය.
හිතෝපදේශ 31:24 - Sinhala Revised Old Version ඈ සිහින් රෙදි සාදා විකුණයි; වෙළෙන්දාට බඳපටිත් දෙන්නීය. Sinhala New Revised Version ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි. Sinhala New Revised Version 2018 ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි. |
සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රංචුවක් රංචුවක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය.
නුඹේ බොහෝ කර්මාන්ත නිසා සිරිය නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය. ඔව්හු රතුකැටවලින්ද රත්නිල් රෙදිවලින්ද විසිතුරු රෙදිවලින්ද සිහින් රෙදිවලින්ද පබළුවලින්ද ලෝහිතංකවලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.
රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇන්දාවූ, දවස් පතා සැපජීවිකාවෙන් කාලය ගතකළාවූ එක්තරා ධනවතෙක් සිටියේය.
සම්සොන් වනාහි: මම දැන් නුඹලාට තේරවිල්ලක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළතදී ඒක විසඳා මට කීවොත් මම නුඹලාට සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද දෙන්නෙමි.