Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 14:12 - Sinhala Revised Old Version

12 සම්සොන් වනාහි: මම දැන් නුඹලාට තේරවිල්ලක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළතදී ඒක විසඳා මට කීවොත් මම නුඹලාට සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සම්සොන් කතා කොට, “මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සම්සොන් කතා කොට, “මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 14:12
22 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් වංශයට තේරවිල්ලක්ද උපමාවක්ද කියමින්–


ෂෙබායේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගූඪ ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ආවාය.


ඔහු ඔවුන් එකිනෙකාට ඇඳුම් කුට්ටමක් බැගින් දුන්නේය; නුමුත් බෙන්යමින්ට රිදී තුන්සියයක් සහ ඇඳුම් කුට්ටම් පහක් දුන්නේය.


ඔහුද: සියල්ල හොඳය; මාගේ ස්වාමියා–ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙතට ආවෝය; ඔවුන්ට රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත් දුනමැනවැයි කියන්ට මා එවුවේයයි කීවේය.


සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය.


ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.


නුඹලාගේ වස්තුව දිරා ගියේය, නුඹලාගේ වස්ත්‍ර කාවෝ කෑවෝය.


එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.


උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: දැන් ඔබ උපමා නැතුව පැහැදිලිලෙස කථාකරනසේක.


කැඳවනු ලැබූවන් ප්‍රධාන ආසන තෝරාගන්න බව උන්වහන්සේ දැක, ඔවුන්ට උපමාවක් කියනසේක්:


ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් ගළවා, රතු සළුවක් උන්වහන්සේට හැඳෙවුවෝය.


යේසුස්වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කථාකළසේක; උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කථානොකළසේක.


එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි.


පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති.


එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔහු උපමා කථාකරන කෙනෙක් නොවේදැයි ඔව්හු මා ගැන කියතියි කීයෙමි.


උපමාවකට කන යොමුකරන්නෙමි. මාගේ ගාම්භීර වාක්‍ය වීණාවෙන් එළිදරව්කරන්නෙමි.


මෙසේ ඒ කාලයේදී සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද හමාත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට ආවාවූ ඉතාමහත් සමූහයක්ද මංගල්‍යය පැවැත්තුවෝය.


තවද ඔව්හු ඔහු දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝය.


ඒක මට විසඳා කියන්ට නුඹලාට බැරිවුණොත් නුඹලා සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද මට දෙන්ට ඕනෑයයි කීවේය. ඔව්හු අපට අසන්ට නුඹේ තේරවිල්ල කියන්නැයි ඔහුට කීවෝය.


ඈ සිහින් රෙදි සාදා විකුණයි; වෙළෙන්දාට බඳපටිත් දෙන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්