Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 10:28 - Sinhala Revised Old Version

28 සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රංචුවක් රංචුවක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 සලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් මිසර දේශයෙන් නියම මිලකට ලබාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 සලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් මිසර දේශයෙන් නියම මිලකට ලබාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 10:28
10 හුවමාරු යොමු  

බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක.


මිසරයෙනුත් සියලු දේශවලිනුත් අශ්වයෝ සාලමොන්ට ගෙනෙනලදහ.


එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද?


මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ.


නුඹට කොඩියක් කොට නුඹ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; නුඹේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදිය.


තවද හණ පීරන කර්මාන්තකාරයෝද සුදු රෙදිවියන්නෝද ලජ්ජාවට පත්වන්නෝය.


ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,


ඔව්හු තමන්ගේ සිව්පාවුන් යෝසෙප් වෙතට ගෙනාවෝය. එවිට යෝසෙප් අශ්වයන්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේය. ඔහු ඒ අවුරුද්දේ ඔවුන්ගේ සියලු සිව්පාවුන් හිලව්වට ආහාරයෙන් ඔවුන් රක්ෂාකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්