හිතෝපදේශ 29:27 - Sinhala Revised Old Version දුෂ්ට මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨයන්ට පිළිකුලක්ය; සෘජුව හැසිරෙන්නා දුෂ්ටයන්ට පිළිකුලක්ය. Sinhala New Revised Version අදමිටු අය දමිටුන්ට පිළිකුලකි; දමිටු අය අදමිටුන්ට පිළිකුලකි. Sinhala New Revised Version 2018 අදමිටු අය දමිටුන්ට පිළිකුලකි; දමිටු අය අදමිටුන්ට පිළිකුලකි. |
ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව නැගිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද?
අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක.
නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය. අයුතුලෙස මට සතුරුව මා සිඳ දමන්ට කැමැත්තෝ බලවත්ය. එවිට මා විසින් පැහැර නොගත් දෙය දෙන්ට සිදුවිය.
මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.
යාකේගේ පුත්‍රවූ ආගුර්ගේ වචන, එනම් විශිෂ්ට කියමන්ය. ඒ මනුෂ්‍යයා ඉතියෙල්ට, එනම් ඉතියෙල්ට සහ උකාල්ට, මෙසේ කීවේය:
එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය.
නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.
එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.
මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.
නුඹලාට වෛරකරන්ට ලෝකයාට බැරිය; නුමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂිදෙන බැවින් ඔව්හු මට වෛරකරති.