Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 139:21 - Sinhala Revised Old Version

21 ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව නැගිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සමිඳුනි, ඔබට වෛර කරන්නන්ට මම වෛර නොකරම් ද? ඔබට විරුද්ධ ව නැඟිටින්නන්ට මම විරුද්ධ නොවෙම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 සමිඳුනි, ඔබට වෛර කරන්නන්ට මම වෛර නොකරම් ද? ඔබට විරුද්ධ ව නැඟිටින්නන්ට මම විරුද්ධ නොවෙම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 139:21
12 හුවමාරු යොමු  

මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි; මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති.


බොරුවූ හිස්වූ දේ සලකන්නන්ට ද්වේෂකරමි. නුමුත් මම ස්වාමීන් කෙරෙහි විශ්වාස කරමි.


එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද,


නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.


නුමුත් මේක නුඹට ඇත්තේය, එනම්, මා ද්වේෂකරන නිකොලායිතයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂකරන්නෙහිය.


නපුරුකම් කරන්නන්ගේ සමාගමට වෛරවෙමි, දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි.


උන්වහන්සේ ළංවී, නුවර දැක, ඒ ගැන හඬමින්


උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.


නුමුත් නුඹලා ඒක අසන්නේ නැත්නම්, මාගේ ආත්මය රහස් තැන්වලදී නුඹලාගේ උඩඟුකම ගැන අඬා, බොහෝසෙයින් කඳුළු වගුරුවනවා ඇත; ස්වාමීන්වහන්සේගේ රැළද වාලට ගෙනයනු ලැබූ නිසා මාගේ ඇස්වලින් කඳුළු ගලනවා ඇත.


මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.


අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්