හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින්ද අෂූර්හි රජ මෙසේ කියයි–මා හා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න; එවිට මම ඇවිත්, නුඹලාගේ දේශයට සමානවූ, ධාන්‍ය හා මුද්‍රිකපානය ඇති, කෑමද මිදිවතුද ඇති, ඔලීව තෙල්ද මීපැණිද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු,
හිතෝපදේශ 27:18 - Sinhala Revised Old Version අත්තික්කා ගස බලාගන්න අය එහි ඵල කන්නේය; තම ස්වාමියා ගැන සලකන්නාද ගෞරවයට පැමිණෙන්නේය. Sinhala New Revised Version අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි; තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි. Sinhala New Revised Version 2018 අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි; තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි. |
හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින්ද අෂූර්හි රජ මෙසේ කියයි–මා හා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න; එවිට මම ඇවිත්, නුඹලාගේ දේශයට සමානවූ, ධාන්‍ය හා මුද්‍රිකපානය ඇති, කෑමද මිදිවතුද ඇති, ඔලීව තෙල්ද මීපැණිද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු,
නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.
ඔහු වනාහි ඇතුල්වී තමාගේ ස්වාමියා ඉදිරියෙහි සිටියේය. එලිෂා කථාකොට: ගෙහාසී, නුඹ කොහේ ගොහින් ආවා දැයි ඔහුගෙන් ඇසීය. ඔබගේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැයි ඔහු කීවේය.
එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.
එවිට හාමාන් වස්ත්‍රයද අශ්වයාද රැගෙන මොර්දෙකයි සරසා, ඔහු නුවර වීථි දිගේ අසුපිටින් යන්ට සලස්වා: රජ්ජුරුවන් විසින් ගෞරවකරන්ට කැමති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුව ඝෝෂණයකර කීවේය.
බලව, මෙහෙකරුවන්ගේ ඇස් ඔවුන්ගේ ස්වාමියාගේ අත දෙසත් මෙහෙකාරියෙකුගේ ඇස් ඇගේ ස්වාමි දුවගේ අත දෙසත් බලන්නාක්මෙන්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට කරුණාකරන තෙක්, අපේ ඇස් උන්වහන්සේ දෙස යොමා තිබේ.
නුවණින් හැසිරෙන මෙහෙකරුවෙක් ලජ්ජාව උපදවන පුත්‍රයෙකු කෙරෙහි ආණ්ඩුකරයි, සහෝදරයන් අතරේද ඔහු උරුමය බෙදාගනියි.
තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.
මට අයිති මගේ මිදිවත්ත මා ඉදිරියෙහි තිබේ. සාලමොන්, ඔබට දහසද එහි ඵල බලාගන්නන්ට දෙසියයක්ද දෙනු ලැබෙන්නේය.
හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද අෂූර්හි රජ මෙසේ කියන්නේය–මා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න.
නුමුත් නුඹලා අතරේ එසේ නොවේය. නුඹලා අතරේ උතුම්වෙන්ට කැමති කවරෙක් නුමුත් නුඹලාගේ සේවකයා වන්නේය.
ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනවා ඔහු දුටුවොත්, ඔව්හු වාසනාවන්තයෝය. සැබවක් නුඹලාට කියමි–ඔහු තමාගේ ඉඟටිය බැඳගෙන, ඔවුන් කෑමට හිඳුවා, ඇවිත් ඔවුන්ට උපස්ථානකරන්නේය.
එකල ස්වාමීන්වහන්සේ කියනසේක්: ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම කොටස දෙන්ට ඔවුන් කෙරේ පත්කරන විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා කවුද?
ඔහුද: ඉතා හොඳය, යහපත්වූ දාසය. නුඹ ඉතා ස්වල්පයක් ගැන විශ්වාසවූ බැවින් නුවරවල් දසයක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය.
යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.
ඔහු සමඟ කථාකළ දේවදූතයා ගිය කල, ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙකළවුන්ගෙන් භක්තිවන්ත හේවායෙකුත් කැඳවා,
හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.
ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?
කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද?
දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න.
වැඩකාරයෙනි, යහපත්වූ සෞම්‍යවූ ස්වාමිවරුන්ට පමණක් නොව නුඹලාගේ රළුවූ ස්වාමිවරුන්ටත් සියලු ආකාර භයින් යටත්වෙන්න.
එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.