Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 2:6 - Sinhala Revised Old Version

6 වැඩකරන ගොවියාම පළමුකොට ඵල භුක්තිවිඳින්ට ඕනෑය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 අස්වැන්නේ පළමු පංගුව ලැබිය යුත්තා වෙහෙසී වැඩ කළ ගොවියාම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 2:6
14 හුවමාරු යොමු  

මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.


තවද ශුභාරංචියේ පංගුකාරයෙක් වෙන පිණිස ශුභාරංචිය උදෙසා සියල්ල කරමි.


උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන්න.


මක්නිසාද තමාගේ මිදිවත්තට වැඩකාරයන් කුලියට ගන්නා පිණිස අලුයම පිටත්ව ගිය ගෙදර ස්වාමියෙකුට ස්වර්ගරාජ්‍යය සමානය.


අත්තික්කා ගස බලාගන්න අය එහි ඵල කන්නේය; තම ස්වාමියා ගැන සලකන්නාද ගෞරවයට පැමිණෙන්නේය.


මා කියන දේ කල්පනාකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල ගැන නුඹට දැනගැන්ම දෙනවා ඇත.


මෙසේ නොයෙක් වර වහින වැස්ස උරාගනිමින් වවන්නන්ට සුදුසු භෝග උපදවන පොළොවට දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේ.


තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්