Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:13 - Sinhala Revised Old Version

13 ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 දේව මාලිගාවේ සේවය කරන්නන් දේව මාලිගාවෙන් ආහාර ලබන බවත්, පූජාසනය මත පුදපූජා ඔප්පු කිරීමට සහාය වන්නන් පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ නොදන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 දේව මාලිග සේවයේ යෙදෙන්නන්, දේව මාලිගයෙන්ම ආහාර ලබන බවත්, පූජාසනයේ ආවතේව කරන්නන්, යාග පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ දන්නේ නැති ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 දේව මාලිගාවේ සේවය කරන්නන් දේව මාලිගාවෙන් ආහාර ලබන බවත්, පූජාසනය මත පුදපූජා ඔප්පු කිරීමට සහාය වන්නන් පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ නොදන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:13
15 හුවමාරු යොමු  

පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා.


මාංස ප්‍රකාරවූ ඉශ්‍රායෙල් බලන්න. පූජාවන් කන අය පූජාසනය සමඟ සහභාගිවන්නෝ නොවෙද්ද?


ඔහු මාගේ පූජාසනය පිට පූජා ඔප්පුකරන පිණිසද සුවඳ දුම් ඔප්පු කරන පිණිසද මා ඉදිරියෙහි ඒඵොද් සැට්ටය අඳින පිණිසද මාගේ පූජකයා කොට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මම ඔහු තෝරා නොගතිම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔප්පුකරන සියලු ගිනි පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම්ද?


එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)


පූජකයාද තෙල පූජාසනය පිට දවන්නේය. එහෙත් ළැපැත්ත ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් හිමිවන්නේය.


අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන.


එය සම්මුඛවීමේ කූඩාරමෙහි නුඹලාගේ මෙහෙයට විපාකය වන බැවින් නුඹලාටත් නුඹලාගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන.


නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද?


දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවන්න.


නුමුත් ඉර බැස්ස කල ඔහු පවිත්‍රවන්නේය; පසුව ශුද්ධවූ දේ කන්ට ඔහුට පුළුවන, මක්නිසාද ඔහුගේ භෝජන ඒවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්