Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 18:31 - Sinhala Revised Old Version

31 හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින්ද අෂූර්හි රජ මෙසේ කියයි–මා හා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න; එවිට මම ඇවිත්, නුඹලාගේ දේශයට සමානවූ, ධාන්‍ය හා මුද්‍රිකපානය ඇති, කෑමද මිදිවතුද ඇති, ඔලීව තෙල්ද මීපැණිද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 18:31
10 හුවමාරු යොමු  

සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.


ඒ කාලයෙහි නුඹලා එකිනෙකා තම තමාගේ මිත්‍රයා මුද්‍රිකවැල යටටත් අත්තික්කා ගස යටටත් කැඳවාගන යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.


යූදාවරු ද ඉශ්‍රායෙල්වරු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.


මනුෂ්‍යයෙකුගේ තෑග්ග ඔහුට ඉඩ ලබාදී, උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි,


දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.


ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය.


ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නසේකැයි කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලා විශ්වාසකරවන්ටත් ඉඩනාරින්න.


අත්තික්කා ගස බලාගන්න අය එහි ඵල කන්නේය; තම ස්වාමියා ගැන සලකන්නාද ගෞරවයට පැමිණෙන්නේය.


ඔවුන්ගේ උත්තමයෝ තමුන් යටතේ සිටින්නන් වතුර ගෙනෙන්ට හරිති. ඔව්හු ළින් ළඟට පැමිණ වතුර සම්බනොවී, හිස් භාජන ඇතුව හැරීඑති. ඔව්හු ලජ්ජාවටත් නින්දාවටත් පැමිණ තමුන්ගේ හිස් වසාගනිති.


ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට–නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා විසින් තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇතැයි කී හැටියට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මම අදහස්කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්