හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
හිතෝපදේශ 10:14 - Sinhala Revised Old Version ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය. Sinhala New Revised Version නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි. Sinhala New Revised Version 2018 නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි. |
හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.
කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.
තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.
ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.
යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය.
කෙතෙහි සඟවා තිබුණු වස්තුවකට ස්වර්ගරාජ්‍යය සමානය; මනුෂ්‍යයෙකුට ඒක සම්බවිය; ඔහු ඒක සඟවාතබා, ඒ ගැන සන්තෝෂයෙන් ගොස්, තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගන්නේය.
එවිට උන්වහන්සේ ඔවුන්ට කථාකොට: එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානයයි කීසේක.