දාවිත් දොරටු දෙකට අතරේ ඉඳගන උන්නේය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේය, ඔහු ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් තනියම දුවගන එනවා දුටුවේය.
හබක්කුක් 2:1 - Sinhala Revised Old Version මම මාගේ මුරපළ උඩට පැමිණ, බලකොටුව උඩ සිටගන, උන්වහන්සේ මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලාසිටින්නෙමි. Sinhala New Revised Version මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි. Sinhala New Revised Version 2018 මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි. |
දාවිත් දොරටු දෙකට අතරේ ඉඳගන උන්නේය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේය, ඔහු ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් තනියම දුවගන එනවා දුටුවේය.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නුවර දක්වා තමුන්ගේ හැම නුවරවල උස් තැන් සාදාගෙන,
යෙස්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා යේහුගේ හමුදාව එනවා දැක: හමුදාවක් මට පෙනේයයි කීය. යෝරාම්ද: නුඹ අසරුවෙකුට අඬගසා–සමාදානයෙන්දැයි අසන්ට ඔවුන්ගේ පෙරමගට අරින්නැයි කීවේය.
අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට බලාසිටින්නෙමි.
දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.
තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.
ඔව්හු මේසය සූදානම් කෙරෙති, මුර සිටුවති, කමින් බොමින් සිටිති. අධිපතිවරුනි, නැගිට පලිහ ආලේපකරන්න.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ ගොස් මුරකාරයෙක් සිටවන්න; ඔහු දකින දේ දන්වාවා.
ඔහු සිංහයෙකු මෙන් මොරගසා: ස්වාමීන්වහන්ස, මම මුරකොටුව උඩ දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් මාගේ මුරපළේ සිටිමි,
එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි,
ස්වාමීන්වහන්ස, මා ඔබ සමඟ කාරණා කියන කල ඔබ ධර්මිෂ්ඨය. එහෙත් ඒ ගැන ඔබ සමඟ තර්කකරන්ට කැමැත්තෙමි. දුෂ්ටයන්ගේ මාර්ගය දියුණුවන්නෙත් තද ද්‍රෝහිකම්කරන සියල්ලන් සුවසේ සිටින්නෙත් මක්නිසාද?
මමද ඔවුන් කෙරෙහි රැකවලුන් පත්කොට: හොරණෑ ශබ්දයට ඇහුම්කන්දෙන්නැයි කීවෙමි; නුමුත් ඔව්හු: අපි ඇහුම්කන් නොදෙන්නෙමුයයි කීවෝය.
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
එසේම, මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්‍රායෙල් වංශයට මුරකාරයෙකු කෙළෙමි; නුඹද මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
මම වනාහි ස්වාමීන්වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත.
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා තුළ කථාකරන බවට නුඹලා ඔප්පුවක් සොයන්නහුය; උන්වහන්සේ නුඹලා කෙරෙහි දුර්වලව නොව නුඹලා අතරෙහි බලවත්ව සිටිනසේක.
උන්වහන්සේ මා තුළෙහි ප්‍රකාශකරන්ට කැමතිවූ කෙණෙහිම, මාංසය හා රුධිරය සමඟ මන්ත්‍රණය නොකොට,