Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 31:35 - Sinhala Revised Old Version

35 අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 අහෝ! මට සවන් දෙන කෙනෙක් නැද් ද? මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි. සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා! මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 අහෝ! මට සවන් දෙන කෙනෙක් නැද් ද? මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි. සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා! මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 31:35
22 හුවමාරු යොමු  

එසේනම්: මම උන්වහන්සේ දෙස නොබලමියි නුඹ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න.


මෙන්න, මා අයුත්ත ගැන මොරගසන නුමුත්, මට උත්තරයක් නැත. පිහිට ඉල්ලා මොරගසන නුමුත් යුක්තිය ඉෂ්ටවීමක් නැත.


ඔබ වෙතම උකසක් තබාගෙන මට ඇපවුව මැනව; මාගේ අතට අතගසන්ට ඉන්නේ වෙන කවුද?


ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?


සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි.


නුඹේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාරදෙන්නේය, නුඹද හිරගෙයි දමනු ලබන්නෙහිය.


ස්වාමිනි, මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින් හැසුරුණෙමි. මම නොසෙල්වී ස්වාමීන් කෙරෙහි විශ්වාසකෙළෙමි.


දෙවියන්වහන්සේ වෙත නුඹ යම්සේද මමත් එසේ වෙමි. මමත් මැටියෙන් සාදනලද්දෙමි.


මම අව්වෙන් නොව ශෝකයෙන් කළුවී ඇවිදිමි; සභාවෙහි නැගිට පිහිට ඉල්ලා කෑ ගසමි.


මාගේ සතුරා දුෂ්ටයෙකු මෙන්ද මාගේ විරුද්ධකාරයා අධර්මිෂ්ඨයෙකු මෙන්ද වේවා.


උන්වහන්සේ තමන් උදහස මට විරුද්ධව අවුළුවා, තමන්ගේ එදිරිකාරයෙකු ලෙස මා ගණන්ගන්නාසේක.


මා ඔබට හඬගසන නුමුත් ඔබ මට උත්තර නොදෙනසේක; මා නැගිට සිටින නුමුත් ඔබ මා දෙස නිකම් බලාසිටිනසේක.


සැබවින් උන්වහන්සේ ජරාවාස පස් ගොඩකට විරුද්ධව තමන් අත දිගු නොකරනසේක; මේ කාරණා නිසා තමාගේ විනාශයේදී වුවත් යමෙකුට මොරගැසිය හැක්කේය.


සැබවින් ඒක මාගේ කර පිට තබා ගන්නෙමි; ඔටුන්නක් මෙන් බැඳගන්නෙමි.


පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද? දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා ඊට උත්තරදෙවයි කීසේක.


මාගේ කථාව හොඳාකාර අසන්න, මාගේ කීමද නුඹලාගේ කන්වල වැටේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්