ලූක් 5:25 - Sinhala Revised Old Version එකෙණෙහිම ඔහු ඔවුන් ඉදිරියෙහි නැගිට, තමා ඔත් ඇඳ රැගෙන, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, තමාගේ ගෙදරට ගියේය. Sinhala New Revised Version එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් ඉදිරිපිට එකෙණෙහිම නැගී සිටි ඔහු, තමන් වැතිර සිටි යහන ද රැගෙන, නිවෙස බලා ගියේ, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමිනි. Sinhala New Revised Version 2018 එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය. |
ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.
ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත්වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය.
එකෙණෙහිම ඔහු පෙනීම ලැබ, දෙවියන්වහන්සේ වර්ණනාකරමින්, උන්වහන්සේ අනුව ගියේය. මුළු සෙනඟද ඒ දැක දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
උන්වහන්සේ අත දිඟුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක. එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවගියේය.
එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.