Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 5:13 - Sinhala Revised Old Version

13 උන්වහන්සේ අත දිඟුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක. එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 උන් වහන්සේ අත දිගු කොට ඔහු මත තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. ලාදුරු රෝගය එකෙණෙහි ම ඔහුගෙන් පහ ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි කී සේක. කුෂ්ඨය විගස ඔහුගෙන් පහව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 උන් වහන්සේ අත දිගු කොට ඔහු මත තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. ලාදුරු රෝගය එකෙණෙහි ම ඔහුගෙන් පහ ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 5:13
15 හුවමාරු යොමු  

මම ඔවුන්ගේ පසුබටවීම සුවකර, සිය කැමැත්තෙන්ම ඔවුන්ට ආදරේවන්නෙමි. මක්නිසාද මාගේ උදහස ඔවුන් කෙරෙන් පහවගියේය.


මම නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් නුඹලා ගළවන්නෙමි. නුඹලා පිටට සාගතය නොපමුණුවා, ධාන්‍ය උපදවාදී, ඒවා වැඩිකරන්නෙමි.


එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.


උන්වහන්සේ ඈ ළඟ සිට උණට සැරකළසේක; උණරෝගය ඇගෙන් පහවගියේය. එකෙණෙහිම ඈ නැගිට ඔවුන්ට උපස්ථානකළාය.


මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.


එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.


දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය.


දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.


උන්වහන්සේ අත දිගුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි කීසේක. එකෙණෙහිම ඔහු කුෂ්ඨයෙන් පවිත්‍රවිය.


තවද උන්වහන්සේ එක් නුවරක සිටියදී කුෂ්ඨයෙන් පිරුණු මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු යේසුස්වහන්සේ දැක මුහුණින් වැටී: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා උන්වහන්සේට කන්නලව්කෙළේය.


කාටවත් එය නොකියන්ට උන්වහන්සේ ඔහුට අණකොට: නුඹ ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ දේවල් ඔවුන්ට සාක්ෂි පිණිස නුඹේ පවිත්‍රවීම සඳහා ඔප්පුකරන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්