Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:24 - Sinhala Revised Old Version

24 එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, “දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 එබැවින් අන්ධව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, “දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:24
22 හුවමාරු යොමු  

එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.


යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය.


එවිට නායක පූජකයෝද සේවකයෝද උන්වහන්සේ දුටු කල: කුරුසියෙහි ඇණගැසුව මැනව, ඇණගැසුව මැනව කියා මොරගැසුවෝය. පිලාත්ද: නුඹලාම මොහු රැගෙන ගොස් කුරුසියෙහි ඇණගසන්න. මක්නිසාද මොහු අත කිසි වරදක් ඇති බව මට නොපෙනේයයි කීවේය.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.


ඔව්හු උත්තරදෙමින්: මොහු වරදකාරයෙක් නොවේ නම්, අප විසින් ඔහු ඔබට භාරදෙන්නේ නැතැයි කීවෝය.


ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.


තවත් නුඹලා සමඟ බොහෝකොට කථා නොකරමි, මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත;


යේසුස්වහන්සේ උත්තරදෙමින්: මට යක්ෂයෙක් ආවේශවෙලා නොව මම මාගේ පියාණන්වහන්සේට ගෞරවකරමි, නුඹලා මට අගෞරවකරහුය.


මට පාපය ඇතැයි නුඹලාගෙන් කවරෙක් ඔප්පුකෙරේද? මම සැබෑව කියම් නම් නුඹලා මා අදහා නොගන්නේ මක්නිසාද?


පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.


ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.


ඵරිසිවරුද ලියන්නෝද කථාකොට: මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය කියා කොඳුළෝය.


උන්වහන්සේව කැඳවාගත් ඵරිසියා ඒ දැක: මුන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත, මක්නිසාද ඈ පව්කාරියෙකැයි තමාගේ සිත තුළ සිතා ගත්තේය.


ඔව්හු සොරු දෙදෙනෙකු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද එක්කෙනෙකු වම් පැත්තෙහිද උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.


ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛරවී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.


එබැවින් දැන් නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පව් කියාදී, උන්වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ ජාතීන්ගෙනුත් අන්‍ය ජාති ස්ත්‍රීන්ගෙනුත් වෙන්වෙන්නැයි කීවේය.


එබැවින් ඔහු උත්තරදෙමින්: උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි–මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය.


එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්