Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 5:25 - සිංහල කාලීන පරිවර්තනය

25 ඔවුන් ඉදිරිපිට එකෙණෙහිම නැගී සිටි ඔහු, තමන් වැතිර සිටි යහන ද රැගෙන, නිවෙස බලා ගියේ, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙ‍ට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙ‍ට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 එකෙණෙහිම ඔහු ඔවුන් ඉදිරියෙහි නැගිට, තමා ඔත් ඇඳ රැගෙන, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, තමාගේ ගෙදරට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 5:25
12 හුවමාරු යොමු  

එබැවින් අන්ධව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.


එකෙණෙහිම ඇස් පෙනීම ලද ඔහු උන්වහන්සේ අනුව ගියේ දෙවියන්වහන්සේට මහිමය දෙමිනි. ඒ දුටු මුළු මහත් ජනයා ද දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය.


ඇය මත අත් තැබූ සේක. එකෙණෙහිම ඈ කෙළින් වී, සිටගෙන, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළා ය.


යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි කී සේක. කුෂ්ඨය විගස ඔහුගෙන් පහව ගියේ ය.


ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.


ඔවුන් සැවොම බලා සිටියදී ඔහු නැගිට, එකෙණෙහිම තමන් වැතිර සිටි යහනත් ගෙන ඇවිද ගියේ ය. සියල්ලෝ විස්මපත්ව, “මේ වගේ දෙයක් අප කිසිදාක දැක නැතැ!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්