අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමය උදෙසා අප නිදහස් කොට අපේ පව් පහකරදැමුව මැනව.
යොහන් 17:11 - Sinhala Revised Old Version මම ලෝකයෙහි තවත් නොසිටිමි, ඔව්හු ලෝකයෙහි සිටිති, මමද ඔබ ළඟට එමි. ශුද්ධවූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නාක්මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔවුන් ඔබගේ නාමයෙන් ආරක්ෂාකළ මැනව. Sinhala New Revised Version මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. සිංහල කාලීන පරිවර්තනය තවදුරටත් මා ලෝකයේ සිටින්නේ නැත. එහෙත් මොවුහු ලෝකයේම සිටිති. මම ඔබවහන්සේ වෙත එන්නෙමි. ශුද්ධ වූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නා සේ, මොවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයෙන්, ඔවුන් සුරකිනු මැනවි. Sinhala New Revised Version 2018 මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. |
අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමය උදෙසා අප නිදහස් කොට අපේ පව් පහකරදැමුව මැනව.
ඒ ගැන ගීතිකාකරන්න. ස්වාමීන්වහන්සේ වන මම ඒක ආරක්ෂාකරමි; මොහොතින් මොහොත ඊට වතුර වත් කරන්නෙමි. කිසිවෙක් ඊට අන්තරා නොකරන ලෙස මම රෑ දාවල් ඒක ආරක්ෂාකරන්නෙමි.
ගින්න කැලෑව දල්වන්නාක්මෙන්ද ගින්න වතුර උතුරවන්නාක්මෙන්ද ඔබ ඉදිරියෙන් කඳු දියවයන්ටත් යෙදුණොත් හොඳය!
ඔබගේ නාමය නිසා අප අහක නොදැමුව මැනව; ඔබගේ තේජසේ සිංහාසනයට අගෞරව නොකළ මැනව. සිහිකළ මැනව, අප සමඟ තිබෙන ඔබගේ ගිවිසුම කඩ නොකළ මැනව.
ස්වාමීන්වහන්ස, අපේ අයුතුකම් අපට විරුද්ධව සාක්ෂිදෙන නුමුත් ඔබගේ නාමය නිසා ක්‍රියාකළ මැනව. මක්නිසාද අපේ පසුබටවීම් බොහෝය; අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.
නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.
ඉශ්‍රායෙල් වංශය, මා විසින් නුඹලාගේ නපුරු මාර්ගවල හැටියටවත් නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියටවත් නොව මාගේ නාමය නිසා නුඹලා උදෙසා ක්‍රියාකළ කල්හි මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි.
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.
එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.
එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:– ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
පාස්කු මංගල්‍යයට පළමුවෙන්, යේසුස්වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන්වහන්සේ ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.
රාත්‍රිකෑම කද්දී, උන්වහන්සේ පියාණන්වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන්වහන්සේ වෙතින් ආ බවද දෙවියන්වහන්සේ ළඟට යන බවද දැන,
ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.
මම පියාණන්වහන්සේ වෙතින් පිටත්ව ලෝකයට ඇවිත් සිටිමි. නැවත මම ලෝකය අත්හැර පියාණන්වහන්සේ වෙතට යමියි කීසේක.
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.
මෙසේ කෙළේ මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේමකළාක්මෙන් ඔවුන්ටත් ප්‍රේමකළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය.
ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝකයා ඔබ හැඳින්නේ නැත, නුමුත් මම ඔබ හැඳින්නෙමි; මොව්හුද ඔබ විසින් මා එවූ බව දැනගත්තෝය.
ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි. ඔව්හු ඔබ සන්තකවූවෝය, ඔබ ඔවුන් මට දුන්සේක; ඔව්හු ඔබගේ වචනය රක්ෂා කළෝය.
එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: තව ටික කලක් මම නුඹලා සමඟ සිටිමි, ඉන්පසු මා එවූ තැනන්වහන්සේ ළඟට යමි.
දෙවියන්වහන්සේ ලෝකයේ පටන්ගැන්මේ සිට තමන්ගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ, සියලු දේ නැවත පිහිටුවන්නාවූ කාලවල් දක්වා උන්වහන්සේ ස්වර්ගයෙහි සිටින්ට ඕනෑය.
බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.
මක්නිසාද: නුඹ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවන පිණිසම නුඹ නැගිටවීමියි ලියවිල්ලේ ඵාරාවෝට කියා තිබේ.
ඉතින්, සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි.
නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.
එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක.
කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.
ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.
තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද යාකොබ්ගේ සහෝදරයාදවූ යූදස් යන මා විසින් පියවූ දෙවියන්වහන්සේ තුළ ප්‍රියවූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආරක්ෂාකරනු ලබන්නාවූ, කැඳවනු ලැබූවන්ට ලියා එවන වග නම්:
ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,
ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.
උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ; උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ.
එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති.