Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:9 - Sinhala Revised Old Version

9 නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එහෙත් ඔවුන් වටකර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. මක්නිසා ද, ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන බවට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට මා ප්‍රකාශනයක් කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එහෙත් ඔවුන් වටකර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. මක්නිසා ද, ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන බවට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට මා ප්‍රකාශනයක් කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:9
16 හුවමාරු යොමු  

මාගේ ශුද්ධවූ නාමය තවත් කෙලසන්ට ඉඩනෑර, මම මාගේ ශුද්ධවූ නාමය මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතීන්ද ස්වාමීන්වහන්සේ වන මා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත.


නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.


නුමුත් ජාතීන් ඉදිරියෙහි මා විසින් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි.


උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව.


ස්වාමීන්වහන්සේ නුඹලා ස්වකීය සෙනඟ කරගන්ට ප්‍රසන්නවූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරිනසේක.


අපට දුක්වේ! මේ බලවන්ත දෙවිවරුන්ගේ අතින් අප ගළවන්නේ කවුද? මේ වනාහි කාන්තාරයේදී මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහරදුන් දෙවිවරුය.


බැලුවොත් ඔබ යම් දේශයකින් අප පිටතට ගෙනාසේක්ද එහි වැසියන් කථාකොට: ස්වාමීන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවුණ දේශයට ඔවුන් පමුණුවන්ට උන්වහන්සේට නොහැකිවූ බැවින්ද උන්වහන්සේ ඔවුන්ට වෛරවුණ බැවින්ද කාන්තාරයේදී ඔවුන් මරණ පිණිස පිටතට ගෙනාසේකැයි කියනවා ඇත.


කානානිවරුන්ද දේශයේ සියලු වැසියන්ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් සිඳදමනවා ඇත. එවිට ඔබගේ මහත් නාමය ගැන ඔබ කරන්නේ කුමක්දැයි කීය.


මක්නිසාද නුඹලා මිසරයෙන් පිටතට එන කල ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙහි රතු මුහුදේ වතුර සිඳෙවු හැටිද නුඹලා විසින් සිඳදමනලද යොර්දානෙන් එතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාවූ සීහොන්ටත් ඕග්ටත් නුඹලා කළ දේද ඇසීමුව.


මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද?


එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක.


මා නිසා, මා නිසාම, ඒක කරන්නෙමි; මක්නිසාද මාගේ නාමය කෙලහෙන්ට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්