Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:44 - Sinhala Revised Old Version

44 ඉශ්‍රායෙල් වංශය, මා විසින් නුඹලාගේ නපුරු මාර්ගවල හැටියටවත් නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියටවත් නොව මාගේ නාමය නිසා නුඹලා උදෙසා ක්‍රියාකළ කල්හි මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 ඉශ්රායෙල් වංශය, නුඹලාගේ නපුරු කල්ක්‍රියාවල හැටියට වත්, නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියට වත් නොව, මාගේ නාමය නිසා නුඹලා ගැන මා ක්‍රියා කළ කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.” මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 ඉශ්රායෙල් වංශය, නුඹලාගේ නපුරු කල්ක්‍රියාවල හැටියට වත්, නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියට වත් නොව, මාගේ නාමය නිසා නුඹලා ගැන මා ක්‍රියා කළ කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.” මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:44
12 හුවමාරු යොමු  

මෙසේ එසකියෙල් නුඹලාට සලකුණක් වන්නේය; ඔහු කළ සියල්ල ලෙස නුඹලා කරනවා ඇත. මේක පැමිණි කළ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.


නුමුත් ජාතීන් ඉදිරියෙහි මා විසින් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි.


නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි.


ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.


එසේවී නුමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පව්කාරයාවූ මා කෙරෙහි තමන්වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය.


තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.


තවද මට විරුද්ධව කැරළිගසන්නන්ද ද්‍රෝහිකම්කරන්නන්ද මම නුඹලාගෙන් වෙන්කොට ඔවුන් පොරොත්තුව සිටින දේශයෙන් පිටකරන්නෙමි, නුමුත් ඔව්හු ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමය උදෙසා අප නිදහස් කොට අපේ පව් පහකරදැමුව මැනව.


නුඹ කළ සියල්ල ගැන මා විසින් නුඹට කමාවෙන විට නුඹ සිහිකොට, වියවුල්ව, ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින පිණිස,


නැවත ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්