Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 13:3 - Sinhala Revised Old Version

3 රාත්‍රිකෑම කද්දී, උන්වහන්සේ පියාණන්වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන්වහන්සේ වෙතින් ආ බවද දෙවියන්වහන්සේ ළඟට යන බවද දැන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 පියාණන්වහන්සේ සියලු දේ තම අත්වලට දී ඇති වගත්, තමන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි වගත්, දෙවියන්වහන්සේ වෙත ආපසු යන වගත් දත් යේසුස්වහන්සේ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 13:3
22 හුවමාරු යොමු  

පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන්වහන්සේ අතට භාරදී තිබේ.‍


මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.


මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.


ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව.


යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේමකරන්නහුය. මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි; මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එවුසේක.


යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.


මක්නිසාද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පාදවලට සියල්ල යටත්කළසේක. එහෙත්: සියල්ල යටත්කරනු ලැබුවේයයි උන්වහන්සේ කියන කල, සියල්ල උන්වහන්සේට යටත්කළ තැනන්වහන්සේ අයත් නැති බව පැහැදිලිය.


එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවයි කීවේය.


පාස්කු මංගල්‍යයට පළමුවෙන්, යේසුස්වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන්වහන්සේ ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.


එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: තව ටික කලක් මම නුඹලා සමඟ සිටිමි, ඉන්පසු මා එවූ තැනන්වහන්සේ ළඟට යමි.


මම උන්වහන්සේ අඳුනමි; කුමක්හෙයින්ද මම උන්වහන්සේ කෙරෙන් ආයෙමි, උන්වහන්සේද මා එවූසේකැයි කීසේක.


ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.


කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.


මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදී තිබේ. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා කවුද කියා නොදනියි; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුද කියා දන්නේ නැතැයි කීසේක.


යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා ගැනම මා සාක්ෂිදෙතත් මාගේ සාක්ෂිය සැබෑය; මක්නිසාද මම කොතැනින් ආයෙම්ද කොතැනට යම්දැයි දනිමි; එහෙත් මා එන්නේ කොතැනින්ද යන්නේ කොතැනටදැයි නුඹලා දන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්