මතෙව් 4:7 - Sinhala Revised Old Version යේසුස්වහන්සේද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක. |
ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය.
එසේවී නුමුත් ඔව්හු මහෝත්තමයාණන්වූ දෙවියන්වහන්සේ පරීක්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝය, උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය.
එබැවින් සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: අපට බොන්ට වතුර දෙන්නැයි කීවෝය. මෝසෙස්: නුඹලා මා සමඟ විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමීන්වහන්සේ පරීක්ෂාකරන්නහුදැයි ඔවුන්ට කීවේය.
ඉශ්රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.
එබැවින් උඩඟු තැනැත්තෝ වාසනාවන්තයෝයයි අපි දැන් කියමුව; එසේය, දුෂ්ටකම්කරන්නෝ දියුණුවෙති; ඔව්හු දෙවියන්වහන්සේ පරීක්ෂාකළ නුමුත් ගළවනු ලබතියි කියන්නහුය.
මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්,
මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක.
යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය. මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය යනු ශුද්ධ ලියවිලිවල නුඹලා කිසිකලක කියෙවුවේ නැද්ද?
එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.
උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරවයි කියා තිබේයයි කීසේක.
එබැවින් අපගේ පියවරුන්ටවත් අපටවත් දරන්ට නොහැකිවුණු වියගහක් ගෝලයන්ගේ කරේ තැබීමෙන් නුඹලා කුමක් නිසා දෙවියන්වහන්සේව පරීක්ෂා කරවුද?
එවිට පේතෘස් ඈට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් පරීක්ෂාකරන්ට නුඹලා එකඟවෙන්ට යෙදුණේ කොහොමද? අන්න, නුඹේ පුරුෂයා වැළලූ අයගේ පාද දොර ළඟය, ඔව්හු නුඹද පිටතට ගෙනයන්නෝයයි ඈට කීවේය.
අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.
එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.