Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 17:7 - Sinhala Revised Old Version

7 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 17:7
21 හුවමාරු යොමු  

විපතේදී නුඹ අඬගැසුවෙහිය, මම නුඹ මිදුවෙමි; ගර්ජනාවේ රහස් තැනදී නුඹට උත්තර දුනිමි; මෙරිබාහි වතුර ළඟදී නුඹ පරීක්ෂා කෙළෙමි.


විවාදයෙහි මෙන්ද වනාන්තරයේදී පරීක්ෂාකළ දවසෙහි මෙන්ද නුඹලාගේ සිත් දැඩිකර නොගනිව්.


ඒ වනාහි මෙරිබා වතුරය; එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ සමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක.


තවද තාබෙරාහිදීත් මස්සාහිදීත් කිබ්‍රොත්-හත්තාවාහිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය.


එබැවින් සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: අපට බොන්ට වතුර දෙන්නැයි කීවෝය. මෝසෙස්: නුඹලා මා සමඟ විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමීන්වහන්සේ පරීක්ෂාකරන්නහුදැයි ඔවුන්ට කීවේය.


ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.


තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.


එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.


එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක.


පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව නුඹලා මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ අතින් ගැළවුවහුයයි කීවේය.


ඒ දවසේ මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙන්නේය, මම ඔවුන් අත්හැර මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි, එවිට ඔව්හු කොල්ලයක් වන්නෝය, ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණෙන්නේය; ඔව්හු ඒ දවසේ කථාකොට: මේ විපත්ති අප පිටට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන්වහන්සේ අප අතරේ නැති නිසා නොවේදැයි කියන්නෝය.


එවිට ඔහු: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේ නම් ස්වාමීන්වහන්සේ අප අතරෙහි යනසේක්වා; මක්නිසාද මොව්හු තද කුළල් ඇති සෙනඟක්ය; නුමුත් අපේ අයුතුකමද පාපයද ක්ෂමාකර අප ඔබගේ උරුමය කොට පිළිගතමැනවයි කීයේය.


මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්,


මක්නිසාද ශීන් කාන්තාරයෙහිදී සභාව කළ විවාදයේදී ඔවුන්ගේ ඇස් හමුවෙහි වතුර ළඟදී මා ගෞරවයට නොපමුණු වන ලෙස, නුඹලා මාගේ අණට විරුද්ධව කැරළි ගැසූ නිසායයි කීසේක. ඒ වනාහි ශීන් කාන්තාරයේ කාදෙෂ්හි තිබෙන මෙරීබා වතුරය.


මස්සාහිදී කළාක් මෙන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂානොකරන්න.


ඔහු ලෙවී ගැන කියනුයේ– නුඹ විසින් මස්සාහිදී පරීක්ෂාකර, මෙරීබාහි වතුර ළඟදී විවාදකළාවූ,


තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය.


මාගේ සෙනඟෙනි, අසව්, මම නුඹලාට සාක්ෂිදෙන්නෙමි; අහෝ, ඉශ්‍රායෙල්, මට ඇහුම්කන් දෙන්නෙහි නම් යහපත!


ඔව්හු මෙරිබාහි වතුර ළඟදීත් උන්වහන්සේ උදහස්කළෝය, එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්