Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 10:9 - Sinhala Revised Old Version

9 අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔවුන්ගෙන් සමහරෙකු සමිඳාණන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් අපි උන් වහන්සේ පරීක්ෂා නොකරමු. එසේ කිරීමෙන් ඔව්හු සර්පයන්ගෙන් විනාශ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අපි ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කළ යුතු වෙමු. එසේ කිරීමෙන්, ඔවුහු සර්පයින්ගෙන් විනාශ වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔවුන්ගෙන් සමහරෙකු සමිඳාණන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් අපි උන් වහන්සේ පරීක්ෂා නොකරමු. එසේ කිරීමෙන් ඔව්හු සර්පයන්ගෙන් විනාශ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 10:9
11 හුවමාරු යොමු  

තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.


එබැවින් සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: අපට බොන්ට වතුර දෙන්නැයි කීවෝය. මෝසෙස්: නුඹලා මා සමඟ විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමීන්වහන්සේ පරීක්ෂාකරන්නහුදැයි ඔවුන්ට කීවේය.


එසේවී නුමුත් ඔව්හු මහෝත්තමයාණන්වූ දෙවියන්වහන්සේ පරීක්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝය, උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය.


මස්සාහිදී කළාක් මෙන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂානොකරන්න.


වනාන්තරයේදී අධිකලෙස තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය.


එකල නුඹලාගේ පියවරු මා පරීක්ෂා කොට මා විමසා මාගේ ක්‍රියාව දුටුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්