මතෙව් 26:39 - Sinhala Revised Old Version උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක. Sinhala New Revised Version උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක. සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිම ඔබා, යාච්ඤා කරමින්, “මාගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක. |
නුමුත්–මම නුඹ කෙරෙහි ප්‍රසන්න නොවෙමියි උන්වහන්සේ කියනසේක් නම්, මම මෙහිය, උන්වහන්සේට යහපත්ව පෙනෙන ලෙස මට කරනසේක්වයි කීවේය.
දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.
එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.
වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.
එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය.
එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය.
නුමුත් යේසුස්වහන්සේ උත්තර දෙමින්: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා දන්නේ නැත. මා බොන්ට යන කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන්දැයි ඇසූසේක. අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.
උන්වහන්සේ නැවත දෙවෙනි වරත් අහක්ව ගොස්: අහෝ මාගේ පියාණෙනි, මේක මා විසින් නොබී පහවෙන්ට බැරි නම්, ඔබගේ කැමැත්තවේවයි කියා යාච්ඤාකළසේක.
මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන් නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය.
එවිට ඔව්හු ගල අහක්කළෝය. යේසුස්වහන්සේ ඇස් ඔසවා: පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි.
එහෙත් මේ දේ සිද්ධවෙන්නේ මා පියාණන්වහන්සේට ප්‍රේමකරන බවත් පියාණන්වහන්සේ මට අණකළ ලෙසම මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය. නැගිට මෙතැනින් යමුයයි කීසේක.
එබැවින් යේසුස්වහන්සේ පේතෘස්ට කියනසේක්: කඩුව කොපුවේ දමන්න. පියාණන්වහන්සේ මට දී තිබෙන කුසලාන නොබොම්දැයි කීසේක.
එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.
මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි.
මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය.
තවද පේතෘස් ගෙට ඇතුල්වන කල, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස්, ඔහුගේ පාමුල වැටී නමස්කාර කෙළේය.
උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,
මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.