Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 13:22 - Sinhala Revised Old Version

22 මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන් නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:22
16 හුවමාරු යොමු  

මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.


බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් ඇවිත්-මම ඒ තැනන්වහන්සේය කියා බොහෝ දෙනෙක් මුළාකරන්නෝය.


මා නුඹලාට මේ කාරණා ලියුවේ නුඹලා මුළාකරන්ට හදන අය ගැනය.


බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.


නුඹ දුටු මෘගයා සිටියේය, දැන් නැත; ඌ පාතාලයෙන් නැගී එන්ටද විනාශයට යන්ටද සිටින්නේය. ලෝකයේ පටන්ගැන්මේ සිට ජීවන-පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසයකරන්නෝ මෘගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුමවන්නෝය.


නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.


යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹලා ලකුණුද පුදුමද නුදුටුවොත් කිසිසේත් විශ්වාස කරන්නේ නැතැයි ඔහුට කීසේක.


ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.


එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.


නුඹලා අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට,


එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරන්න.


නුමුත් නුඹලා ප්‍රවේසම්වෙන්න. ඔන්න, කල් ඇතුව නුඹලාට සියල්ල කීයෙමි.


ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්