මතෙව් 1:2 - Sinhala Revised Old Version ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය; Sinhala New Revised Version ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ. සිංහල කාලීන පරිවර්තනය ආබ්‍රහම්, ඊසාක්ගේ පියා ය. ඊසාක්, යාකොබ්ගේ පියා ය. යාකොබ්, යූදා හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. Sinhala New Revised Version 2018 ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ. |
ඊට පසුව ඔහුගේ සහෝදරයා බිහිවිය, ඔහු වනාහි තමාගේ අතින් ඒසව්ගේ විලුඹ අල්වාගෙන සිටියේය; ඔහුට යාකොබ් යන නම තබනලද්දේය. ඈ ඔවුන් බිහිකළ කල ඊසාක් සැට අවුරුද්දක් වයස්ව සිටියේය.
නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්රයාවූ ආබ්‍රහම්ගේ වංශය,
නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.
යූදාගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්රොන් උපන්නේය; හෙශ්රොන්ට දාව රාම් උපන්නේය;
උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.
මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යූදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.
යූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රාකරනු ලැබුවෝය. රූබෙන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,