Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 25:19 - Sinhala Revised Old Version

19 ආබ්‍රහම්ගේ පුත්‍රවූ ඊසාක්ගේ පරම්පරාව නම් මේය: ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:19
8 හුවමාරු යොමු  

ආබ්‍රහම්ද තමාට උපන්නාවූ, සාරා තමාට බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඊසාක් යන නම තැබීය.


ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.


ආබ්‍රහම්ගේ පුත්‍රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල්ය.


ආබ්‍රහම්ගේ උපභාර්යාවවූ කෙතුරාගේ පුත්‍රයෝ මොව්හුය: ඈ ශිම්රාන්, යොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා බිහිකළාය. යොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.


ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්‍රායෙල්ය.


ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය;


ඔහු යාකොබ්ගේ පුත්‍රයාය, ඔහු ඊසාක්ගේ පුත්‍රයාය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයාය, ඔහු තේරාගේ පුත්‍රයාය, ඔහු නාහොර්ගේ පුත්‍රයාය,


උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්