Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 1:3 - Sinhala Revised Old Version

3 යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේ‍රොන් ද, හශේ‍රොන්ට දාව ආරාම් ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 යූදා, පෙරෙශ්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමර් ය. පෙරෙශ්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හෙශ්‍රොන් ද, හෙශ්‍රොන්ට දාව ආරාම් ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 1:3
13 හුවමාරු යොමු  

එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් නුඹේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.


යූදා තමාගේ කුලුඳුලාවූ ඒර්ට තාමාර් නම්වූ භාර්යාවක් ගෙනදුන්නේය.


යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.


යූදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මි, හූර් සහ ෂෝබාල්ය.


සෙරාගේ පුත්‍රයන්ගෙන් යෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හසිය අනූදෙනෙක්ය.


ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය;


රාම්ට දාව අමිනාදාබ් උපන්නේය; අමිනාදාබ්ට දාව නාෂොන් උපන්නේය; නාෂොන්ට දාව සල්මොන් උපන්නේය;


ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්‍රොන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්