Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 25:26 - Sinhala Revised Old Version

26 ඊට පසුව ඔහුගේ සහෝදරයා බිහිවිය, ඔහු වනාහි තමාගේ අතින් ඒසව්ගේ විලුඹ අල්වාගෙන සිටියේය; ඔහුට යාකොබ් යන නම තබනලද්දේය. ඈ ඔවුන් බිහිකළ කල ඊසාක් සැට අවුරුද්දක් වයස්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයා ය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේ ය. එබැවින් ඔහුට ජාකොබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාක්ගේ වයස අවුරුදු හැටකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයා ය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේ ය. එබැවින් ඔහුට ජාකොබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාක්ගේ වයස අවුරුදු හැටකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:26
13 හුවමාරු යොමු  

එවිට ඒසව්: යාකොබ් යන නම ඔහුට තබා තිබෙනවා සුදුසු නොවේද? මක්නිසාද ඔහු මේ දෙවතාවක්ම මට ලැබෙන්ට තිබුණු දේ පැහැරගත්තේය. ඔහු මාගේ කුලුඳුල්කම ගත්තේය; මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් ගත්තේයයි කීය. එවිට ඔහු: ඔබ මටත් ආශීර්වාදයක් ඉතුරු නොකෙළෙහිදැයි ඇසීය.


ගර්භයේදී ඔහු තමාගේ සහෝදරයාගේ විලුඹ අල්වාගත්තේය; පුරුෂ වයසේදී ඔහු දෙවියන්වහන්සේ වෙත බලපෑවේය.


උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.


ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.


ඊසාක්ගේ වයස එකසිය අසූ අවුරුද්දක්ය.


ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.


ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්‍රායෙල්ය.


ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් උපදින කල අවුරුදු සියයක් වයස්ව සිටියේය.


එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: නුඹේ සහෝදරවූ ඉශ්‍රායෙල් මෙසේ කියයි–අපට පැමිණි සියලු අමාරුකම් නුඹ දන්නෙහිය.


තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.


එසේය, ඔහු දේවදූතයා කෙරෙහි බලපාමින් ජයගත්තේය. ඔහු අඬා උන්වහන්සේට කන්නලව්කෙළේය. බෙතෙල්හිදී උන්වහන්සේ ඔහුට සම්බවිය.


මම නුඹලාට ප්‍රේමකෙළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: ඔබවහන්සේ අපට ප්‍රේමකළේ කුමකින්දැයි නුඹලා අසන්නහුය. ඒසව් යාකොබ්ගේ සහෝදරයා නොවේද? එහෙත් මම යාකොබ්ට ප්‍රේමකොට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්