Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 1:2 - සිංහල කාලීන පරිවර්තනය

2 ආබ්‍රහම්, ඊසාක්ගේ පියා ය. ඊසාක්, යාකොබ්ගේ පියා ය. යාකොබ්, යූදා හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 1:2
27 හුවමාරු යොමු  

ඉන්පසු උන්වහන්සේ චර්මඡේද ගිවිසුම ආබ්‍රහම්ට දුන් සේක. මෙසේ ආබ්‍රහම් ඊසාක්ගේ පියා බවට පත්ව, අට වන දවසේ ඔහු චර්මඡේද කළේ ය. ඊසාක්, යාකොබ්ගේ පියා විය. යාකොබ්, මුල් දොළොස් ගෝත්‍රපතීන්ගේ පියා විය.


යූදා ගෝත්‍රයෙන් 12,000ක් මුද්‍රා තබන ලදහ. රූබන් ගෝත්‍රයෙන් 12,000, ගාද් ගෝත්‍රයෙන් 12,000,


පොරොන්දු වූ තැනැන්වහන්සේ විශ්වාසනීය වග පිළිගත් බැවින්, තමාගේ නිසි වයස පසුවී වුව ද සාරා පිළිසිඳ ගැනීමට බලය ලද්දේ ඇදහිල්ලෙනි.


මන්ද අප ස්වාමින්වහන්සේ පැවත ආවේ යූදා ගෝත්‍රයෙන් බව පැහැදිලි ය. එම ගෝත්‍රයට අදාළව පූජකයින් ගැන කිසිවක් මෝසෙස් පවසා නැත.


ආබ්‍රහම්ගේ පුත්‍ර, දාවිත්ගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය:


යූදා, පෙරෙශ්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමර් ය. පෙරෙශ්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්