ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 21:13 - Sinhala Revised Old Version

එවිට රිම්මොන් පර්වතයේ සිටි බෙන්යමින් පුත්‍රයන් සමඟ කථාකොට ඔවුන්ට සමාදානය ප්‍රකාශකරන්ට මුළු සභාව මිනිසුන් හැරියාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට රිම්මොන් පර්වතයේ බෙන්ජමින්වරුන් සමඟ කතා කොට ඔවුන්ට සාමදානය ප්‍රකාශ කරන පිණිස, ඒ සභාව මිනිසුන් යැව්වා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට රිම්මොන් පර්වතයේ බෙන්ජමින්වරුන් සමඟ කතා කොට ඔවුන්ට සාමදානය ප්‍රකාශ කරන පිණිස, ඒ සභාව මිනිසුන් යැව්වා ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 21:13
9 හුවමාරු යොමු  

මම තොල්වල ඵල උපදවමි. දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, සමාදානය වේවා; මම ඔහු සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න.


උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ නුඹලාට සමාදානයද, ළඟ සිටියවුන්ට සමාදානයද දේශනාකළසේක.


නුඹ නුවරකට විරුද්ධව සටන්කරන්ට ළංවන කල්හි ඊට සමාදානය ප්‍රකාශකරන්න.


ලෙබායොත්ද ෂිල්හිම්ද ආයින්ද රිම්මොන්ද යන මේවාය. ගම් සහිතව සියලු නුවරවල් විසිනවයක්ය.


ඔව්හු හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝය. ඔවුන්ගෙන් වෙන් වශයෙන් පන්දහසක් මාවත්වලදී මරා, ඉතිරි අය පස්සේ ගිදොම් දක්වා එළවාගන ගොස්, ඔවුන්ගෙන් දෙදහසක් මැරුවෝය.


නුමුත් මනුෂ්‍යයන් හසියයක් හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලාගොස් රිම්මොන් පර්වතයෙහි හාර මාසයක් සිටියෝය.


පුරුෂයෙකු සමඟ සයනය කිරීමෙන් ඔහු හැඳින නොගත් කන්‍ය යෞවනියන් හාර සියයක් යාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බවී, කානාන් දේශයේ ෂිලෝහි තිබුණ කඳවුරට ඔවුන් ගෙනාවෝය.


එකල බෙන්යමින්වරු හැරී ආවෝය; ඔව්හු යාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරුකළ ස්ත්‍රීන් ඔවුන්ට දුන්නෝය. ඒත් ඔවුන්ට මදි විය.