Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:13 - Sinhala New Revised Version

13 එවිට රිම්මොන් පර්වතයේ බෙන්ජමින්වරුන් සමඟ කතා කොට ඔවුන්ට සාමදානය ප්‍රකාශ කරන පිණිස, ඒ සභාව මිනිසුන් යැව්වා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට රිම්මොන් පර්වතයේ බෙන්ජමින්වරුන් සමඟ කතා කොට ඔවුන්ට සාමදානය ප්‍රකාශ කරන පිණිස, ඒ සභාව මිනිසුන් යැව්වා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එවිට රිම්මොන් පර්වතයේ සිටි බෙන්යමින් පුත්‍රයන් සමඟ කථාකොට ඔවුන්ට සමාදානය ප්‍රකාශකරන්ට මුළු සභාව මිනිසුන් හැරියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:13
9 හුවමාරු යොමු  

එහෙත්, මිනිස්සු හයසියයක් හැරී කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගොස්, රිම්මොන් පර්වතයේ හාර මාසයක් සිටියෝ ය.


“යම් නුවරකට විරුද්ධ ව සටන් කිරීම ළඟා වන විට, ඊට සාම යෝජනාවක් ඉදිරිපත් කරන්න.


එසේ උන් වහන්සේ වැඩම කර, දුර සිටියා වූ ඔබටත්, ළඟ සිටියා වූ අයටත්, සාමයේ පණිවුඩය දේශනා කර වදාළ සේක.


ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න.


ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා! මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.


ලෙබායොත් ද ෂිල්හිම් ද ආයින් ද රිම්මොන් ද යන මේවා ය. ගම් සහිත ව සියලු නගර විසිනවයක් ය.


සෙසු අය කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝ ය. ඔවුන්ගෙන් පන්දහසක් මාවත්වල දී මරනු ලැබූ හ. ඉශ්රායෙල්වරු සෙසු අය ගිදොම් දක්වා ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් දෙදහසක්දෙනා මැරුවෝ ය.


පුරුෂයන් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු කන්‍යාවන් හාරසියයක් ජාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බ වී කානාන් දේශයේ ෂිලෝහි තිබුණු කඳවුරට ඔවුන් ගෙනාවෝ ය.


එකල බෙන්ජමින්වරු හැරී ආවෝ ය. ඉශ්රායෙල්වරු ජාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරු කළ කාන්තාවන් ඔවුන්ට දුන්නෝ ය. එහෙත්, කාන්තාවෝ සෑහෙන ගණනක් නොසිටියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්