Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:14 - Sinhala Revised Old Version

14 එකල බෙන්යමින්වරු හැරී ආවෝය; ඔව්හු යාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරුකළ ස්ත්‍රීන් ඔවුන්ට දුන්නෝය. ඒත් ඔවුන්ට මදි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එකල බෙන්ජමින්වරු හැරී ආවෝ ය. ඉශ්රායෙල්වරු ජාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරු කළ කාන්තාවන් ඔවුන්ට දුන්නෝ ය. එහෙත්, කාන්තාවෝ සෑහෙන ගණනක් නොසිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එකල බෙන්ජමින්වරු හැරී ආවෝ ය. ඉශ්රායෙල්වරු ජාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරු කළ කාන්තාවන් ඔවුන්ට දුන්නෝ ය. එහෙත්, කාන්තාවෝ සෑහෙන ගණනක් නොසිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:14
7 හුවමාරු යොමු  

නුමුත් වේශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.


පුරුෂයෙකු සමඟ සයනය කිරීමෙන් ඔහු හැඳින නොගත් කන්‍ය යෞවනියන් හාර සියයක් යාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බවී, කානාන් දේශයේ ෂිලෝහි තිබුණ කඳවුරට ඔවුන් ගෙනාවෝය.


නුමුත් මනුෂ්‍යයන් හසියයක් හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලාගොස් රිම්මොන් පර්වතයෙහි හාර මාසයක් සිටියෝය.


තවද ඔව්හු: ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ස්වාමීන්වහන්සේ වෙත මිශ්පාට නාවේ කොයි එකදැයි අසා යාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙක් සභාව සමඟ කඳවුරට නා බව දැනගත්තෝය.


එවිට රිම්මොන් පර්වතයේ සිටි බෙන්යමින් පුත්‍රයන් සමඟ කථාකොට ඔවුන්ට සමාදානය ප්‍රකාශකරන්ට මුළු සභාව මිනිසුන් හැරියාය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි බිඳීමක් කළ නිසා සෙනඟ බෙන්යමින් ගැන ශෝකවූහ.


ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලිකරන්ට ආවාම අපි ඔවුන්ට කථාකොට: කරුණාවෙන් ඔවුන් අපට දුනමැනවි; මක්නිසාද අපි යුද්ධයේදී එක එකාට භාර්යාවක් ඉතුරු නොකෙළෙමුව, නුඹලාත් ඔවුන් ඔවුන්ට දුන්නේ නැත; දුන්නා නම් නුඹලා වරදකාරයෝ වන්නහුයයි කියන්නෙමුයයි ඔවුන්ට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්