Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:12 - Sinhala Revised Old Version

12 පුරුෂයෙකු සමඟ සයනය කිරීමෙන් ඔහු හැඳින නොගත් කන්‍ය යෞවනියන් හාර සියයක් යාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බවී, කානාන් දේශයේ ෂිලෝහි තිබුණ කඳවුරට ඔවුන් ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 පුරුෂයන් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු කන්‍යාවන් හාරසියයක් ජාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බ වී කානාන් දේශයේ ෂිලෝහි තිබුණු කඳවුරට ඔවුන් ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 පුරුෂයන් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු කන්‍යාවන් හාරසියයක් ජාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බ වී කානාන් දේශයේ ෂිලෝහි තිබුණු කඳවුරට ඔවුන් ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:12
8 හුවමාරු යොමු  

තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.


එහෙත් පළමු මා විසින් මාගේ නාමය තැබූ ෂීලෝහිවූ මාගේ ඉඩමට ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.


මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයන් අතරේ තමන් පිහිටෙවු කූඩාරම වන ෂීලෝහි මණ්ඩපය අත්හැරදමා,


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස් වනතෙක් හඬා: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කීසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට අපෙන් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යූදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක.


තවද ඔව්හු: ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ස්වාමීන්වහන්සේ වෙත මිශ්පාට නාවේ කොයි එකදැයි අසා යාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙක් සභාව සමඟ කඳවුරට නා බව දැනගත්තෝය.


නුඹලා විසින් කළ යුතු දේ නම් සියලු පුරුෂයන්ද පුරුෂයන් සමඟ සයනය කළ සියලු ස්ත්‍රීන්ද මුළුමනින්ම විනාශකරදැමීමයයි කීවෝය.


එවිට රිම්මොන් පර්වතයේ සිටි බෙන්යමින් පුත්‍රයන් සමඟ කථාකොට ඔවුන්ට සමාදානය ප්‍රකාශකරන්ට මුළු සභාව මිනිසුන් හැරියාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්