විනිශ්චයකාරයෝ 18:27 - Sinhala Revised Old Version ඔව්හු මීකා සාදාගන තිබුණු දේද ඔහු වෙත සිටිය පූජකයාද රැගෙන ගොස් නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද සිටි ලායිෂ්හි සෙනඟ කරා පැමිණ, කඩුමුවහතින් ඔවුන්ට පහරදී, නුවර ගිනිලෑවෝය. Sinhala New Revised Version ඔව්හු මීකා සාදා තිබුණු දේ රැගෙන, ඔහු සමඟ සිටි පූජකයා කැටුව ගොස්, සාමකාමී ව ද සුරක්ෂිත ව ද සිටි ලායිෂ්හි සෙනඟ වෙත පැමිණ, කඩුවෙන් ඔවුන්ට පහර දී නුවර ගිනි ලෑවෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු මීකා සාදා තිබුණු දේ රැගෙන, ඔහු සමඟ සිටි පූජකයා කැටුව ගොස්, සාමකාමී ව ද සුරක්ෂිත ව ද සිටි ලායිෂ්හි සෙනඟ වෙත පැමිණ, කඩුවෙන් ඔවුන්ට පහර දී නුවර ගිනි ලෑවෝ ය. |
ඔව්හු එහි සිටිය සියලු ප්‍රාණීන්ට කඩු මුවහතින් පහරදී ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවෝය. හුස්ම ඇති කිසිවෙක් ඉතුරු නොවීය. ඔහු හාශොර් ගින්නෙන් පුලුස්සා දැමුවේය.
දාන් පුත්‍රයන්ගේ පළාත ඔවුන්ට මදිව තිබුණ නිසා ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධව යුද්ධකොට එය අල්වාගෙන ඊට කඩු මුවහතින් පහරදී එය හිමිකරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පියවූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝය.
නුඹලා ගියාම අප්‍රවේසමෙන් සිටින සෙනඟක් කරා පැමිණෙනවා ඇත, ඒ රට විශාලය. දෙවියන්වහන්සේ නුඹලා අතට ඒක දී තිබේ; එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයක්යයි කීවෝය.
එවිට ඒ පස්දෙන පිටත්ව ගොස් ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ අපරීක්ෂාකාරීව, ශීදොන් වැසියන් හා සමානව නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද වාසයකරන බව දුටුවෝය; මක්නිසාද යමක් ගැන ඔවුන් ලජ්ජාකරන්ට පුළුවන්වූ, බලය ලත් කෙනෙක් දේශයෙහි නැති බවත් ඔවුන් ශීදොන්වරුන්ගෙන් දුරව සිටින බවත් කිසිවෙකු සමඟ ගනුදෙනුකිරීමක් නැති බවත් දැක,
ගිඩියොන් නොබාටද යොග්බෙහාටද පෙරදිගින් කූඩාරම්වල වසන්නන්ගේ පාරෙන් ගොස් සේනාව පරීක්ෂා රහිතව සිටිද්දී ඔවුන්ට පහරදුන්නේය.