Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 18:28 - Sinhala Revised Old Version

28 එය ශීදොන් නුවරින් දුර නිසාද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනු කිරීමක් නැති නිසාද ගළවන්ට කිසිවෙක් නොවීය; එය බෙත්-රෙහොබ් ළඟ පිහිටි මිටියාවතේ තිබුණේය. ඔව්හු නුවර ගොඩනගා එහි වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඒ නුවර සීදොන් නුවරින් ඈත් ව තිබුණ නිසා ද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනුවක් නොවූ නිසා ද ඔවුන් ගළවන්නට කිසිවෙක් නො වූ හ. ඒ නුවර බෙත්-රෙහොබ්හි පිහිටි මිටියාවතේ තිබුණේ ය. ඔව්හු ඒ නුවර ගොඩනඟා එහි වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඒ නුවර සීදොන් නුවරින් ඈත් ව තිබුණ නිසා ද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනුවක් නොවූ නිසා ද ඔවුන් ගළවන්නට කිසිවෙක් නො වූ හ. ඒ නුවර බෙත්-රෙහොබ්හි පිහිටි මිටියාවතේ තිබුණේ ය. ඔව්හු ඒ නුවර ගොඩනඟා එහි වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 18:28
14 හුවමාරු යොමු  

තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.


එවිට ඒ පස්දෙන පිටත්ව ගොස් ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ අපරීක්ෂාකාරීව, ශීදොන් වැසියන් හා සමානව නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද වාසයකරන බව දුටුවෝය; මක්නිසාද යමක් ගැන ඔවුන් ලජ්ජාකරන්ට පුළුවන්වූ, බලය ලත් කෙනෙක් දේශයෙහි නැති බවත් ඔවුන් ශීදොන්වරුන්ගෙන් දුරව සිටින බවත් කිසිවෙකු සමඟ ගනුදෙනුකිරීමක් නැති බවත් දැක,


එසේ ඔව්හු ගොස් ශීන් කාන්තාරයේ පටන් හමාත්ට යන තැන තිබෙන රෙහොබ් දක්වා දේශය සෝදිසිකළෝය.


බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.


එම්බා ශීදොන්, ලජ්ජාවෙන්න; මක්නිසාද මුහුදු, එනම් මුහුද බලකොටුව කථාකොට: මම බිහිකරන වේදනා නොවින්දෙමි, දරුවන් බිහිනොකළෙමි, තරුණයන් පෝෂ්‍ය නොකෙළෙමි, කන්‍යාවන් ඇති නොකෙළෙමියි කීවාය.


දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.


නැතහොත් ගළවන්නෙක් නැති කල්හි ඔහු සිංහයෙකු මෙන් මාගේ ආත්මය කැබලිකොට ඉරාදමන්නේය.


ඔබගේ දාසීට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය, ඒ දෙදෙනා පිටතදී ඩබර කරගත්තෝය, ඔවුන් නවත්වන්ට කිසිවෙක් නොසිටිය නිසා එක්කෙනෙක් අනිකාට ගසා ඔහු මැරුවේය.


ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. තවද ඒ දවස්වලදී දාන් ගෝත්‍රය තමුන්ට වාසය කිරීම පිණිස උරුමයක් සෙවීය; මක්නිසාද ඒ දවස දක්වා ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී තිබුණේ නැත.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහරදී මහ ශීදොන් දක්වාද මිස්රෙඵොත්-මයිම් දක්වාද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වාද ඔවුන් එළවාගන ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහරදුන්නෝය.


ඉශ්‍රායෙල්ට දාව උපන් තමුන්ගේ පියවූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නුවරට දාන් යන නම තැබුවෝය. නුමුත් පළමුවෙන් ඒ නුවර නම ලායිෂ්ය.


එබ්‍රොන්ද රෙහොබ්ද හම්මොන්ද කානාද මහ ශිදොන්ද දක්වා ගියේය;


එතනින් ඔව්හු ගිලියද්ටත් තාතීම්-හොද්ෂි රටටත් පැමුණුණෝය; එතනින් දාන්-යාන්ටත් ශීදොන් වටකර ස්ථානවලටත් පැමිණියාහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්