Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 11:11 - Sinhala Revised Old Version

11 ඔව්හු එහි සිටිය සියලු ප්‍රාණීන්ට කඩු මුවහතින් පහරදී ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවෝය. හුස්ම ඇති කිසිවෙක් ඉතුරු නොවීය. ඔහු හාශොර් ගින්නෙන් පුලුස්සා දැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඉශ්රායෙල්වරු එහි විසූ සියලු දෙනාට කඩුවෙන් පහර දී ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවෝ ය. පණ ඇති කිසිවෙක් එහි ඉතිරි නොවූ හ. ජෝෂුවා හාශොර් නගරය ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඉශ්රායෙල්වරු එහි විසූ සියලු දෙනාට කඩුවෙන් පහර දී ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවෝ ය. පණ ඇති කිසිවෙක් එහි ඉතිරි නොවූ හ. ජෝෂුවා හාශොර් නගරය ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 11:11
6 හුවමාරු යොමු  

මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.


එහෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.


එහෙත් සියලු සිව්පාවුන්ද නුවරවල සම්පත්ද අපට කොල්ලයක් කොට ගතිමු.


පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.


නුවර හා එහි තිබුණු සියල්ල ගින්නෙන් පුලුස්සා දැමුවෝය. රන් රිදීද පිත්තල හා යකඩ බඩුද පමණක් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවෙහි තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්