Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 33:22 - Sinhala Revised Old Version

22 ඔහු දාන් ගැන කියනුයේ–දාන් සිංහ පැටවෙක, ඔහු බාෂාන්හි සිට පනින්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දාන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “දාන්, බාෂාන් සිට පැන එන්නෙකි; සිංහ පොව්වෙකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 දාන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “දාන්, බාෂාන් සිට පැන එන්නෙකි; සිංහ පොව්වෙකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:22
14 හුවමාරු යොමු  

ඔව්හු මීකා සාදාගන තිබුණු දේද ඔහු වෙත සිටිය පූජකයාද රැගෙන ගොස් නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද සිටි ලායිෂ්හි සෙනඟ කරා පැමිණ, කඩුමුවහතින් ඔවුන්ට පහරදී, නුවර ගිනිලෑවෝය.


දාන් පුත්‍රයන්ගේ පළාත ඔවුන්ට මදිව තිබුණ නිසා ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධව යුද්ධකොට එය අල්වාගෙන ඊට කඩු මුවහතින් පහරදී එය හිමිකරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පියවූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝය.


දාන්වරුන්ගෙන්, යුද්ධ පිළිවෙළට පැමිණෙන අය විසිඅටදාස් හසියයක්ය.


පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වායි කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරුවුණේය; එවිට ගෘහය අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනඟ පිට වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියදී මැරූ අයට වඩා ඔහුගේ මරණයේදී මැරූ අය වැඩි වූහ.


ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගුකොට ඒක ගෙන එයින් මිනිසුන් දහසක් මැරීය.


ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම් පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු තමාගේ අතේ කිසිවක් නැතුව එළුපැටවෙකු ඉරාදමන්නාක්මෙන් ඌ ඉරාදැමීය. නුමුත් ඔහු කළ දේ තමාගේ පියාටවත් මවුටවත් දැන්නුවේ නැත.


දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.


එසේය, ඊට මාගේ සිත වෙවුලා ඒකේ ස්ථානයෙන් ඉවත්වෙයි.


නුඹේ මවු කවුද? සිංහධේනුවක්ය. ඈ සිංහයන් මැද ලැග්ගාය, තරුණ සිංහයන් අතරෙහිද ඇගේ පැටවුන් ඇතිකළාය.


ඇගේ පැටවුන්ගෙන් ඈ ඇතිකළ එකෙක් තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්ට ඉගෙනගෙන, මනුෂ්‍යයන් කෑයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්