Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 18:10 - Sinhala Revised Old Version

10 නුඹලා ගියාම අප්‍රවේසමෙන් සිටින සෙනඟක් කරා පැමිණෙනවා ඇත, ඒ රට විශාලය. දෙවියන්වහන්සේ නුඹලා අතට ඒක දී තිබේ; එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයක්යයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔබ ගිය විට, ආරක්ෂා රහිත සෙනඟක් කරා ඔබ පැමිණෙන්නහු ය. ඒ රට විශාල ය. දෙවියන් වහන්සේ ඔබ අතට ඒ රට දී තිබේ. එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔබ ගිය විට, ආරක්ෂා රහිත සෙනඟක් කරා ඔබ පැමිණෙන්නහු ය. ඒ රට විශාල ය. දෙවියන් වහන්සේ ඔබ අතට ඒ රට දී තිබේ. එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 18:10
14 හුවමාරු යොමු  

ඔව්හු මීකා සාදාගන තිබුණු දේද ඔහු වෙත සිටිය පූජකයාද රැගෙන ගොස් නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද සිටි ලායිෂ්හි සෙනඟ කරා පැමිණ, කඩුමුවහතින් ඔවුන්ට පහරදී, නුවර ගිනිලෑවෝය.


එවිට ඒ පස්දෙන පිටත්ව ගොස් ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ අපරීක්ෂාකාරීව, ශීදොන් වැසියන් හා සමානව නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද වාසයකරන බව දුටුවෝය; මක්නිසාද යමක් ගැන ඔවුන් ලජ්ජාකරන්ට පුළුවන්වූ, බලය ලත් කෙනෙක් දේශයෙහි නැති බවත් ඔවුන් ශීදොන්වරුන්ගෙන් දුරව සිටින බවත් කිසිවෙකු සමඟ ගනුදෙනුකිරීමක් නැති බවත් දැක,


මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,


ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා–


සත්වෙනි වර පූජකයන් හොරණෑ පිම්බ කල යෝෂුවා සෙනඟට කථාකොට: ඔල්වර හඬගසන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට නුවර දී තිබේ.


ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.


කන්ට මට ආහාර මිලේට විකුණා, බොන්ට මට වතුර මිලේට දුන මැනවි. පයින් යන්ට පමණක් මට අවසර ලැබේවයි කියා ඇරියෙමි.


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


ඔව්හුද: අපි පිටත්වී ඔවුන්ට විරුද්ධව යමුව. මක්නිසාද ඒ රට ඉතා යහපත් බව අපි දුටිමුව. නුඹලා නිකම් සිටිනවාද? ඒ රටට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිස යන්ට මැලිනොවන්න.


එවිට එතැනින් දාන්ගේ පෙළපතේ මනුෂ්‍යයෝ හසියයක් යුද්ධායුධ පැළඳගෙන, ශොරාද එෂ්තායොල්ද සිට පිටත්ව ගොස්,


එවිට ඒ මනුෂ්‍යයෝ දෙදෙනා හැරී කඳුකරයෙන් බැස, එතරවී, නූන්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතට අවුත් තමුන්ට සිද්ධවුණු සියල්ල ඔහුට කීවෝය.


ඔව්හුද: සැබවින් ස්වාමීන්වහන්සේ මුළු දේශය අපේ අත්වලට දී තිබේ; දේශයේ සියලු වැසියන්ගේ සිත් අප ඉදිරියෙහි දියවීයතියි යෝෂුවාට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්