Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 49:16 - Sinhala Revised Old Version

16 දාන් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රවලින් එකක් මෙන් තමාගේ සෙනඟ විනිශ්චයකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි. ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි. ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 49:16
10 හුවමාරු යොමු  

ඔහු දාන් ගැන කියනුයේ–දාන් සිංහ පැටවෙක, ඔහු බාෂාන්හි සිට පනින්නේයයි කීය.


රාඛෙල් දෙවියන්වහන්සේ මා විනිශ්චයකොට මාගේ හඬත් අසා පුත්‍රයෙකු මට දුන්සේකැයි කීවාය. එහෙයින් ඈ ඔහුට දාන් යන නාමය තැබුවාය.


ඔහු පිලිස්තිවරුන්ගේ දවස්වල විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේය.


දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.


සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය.


ඔහු නවාතැනක් දැක ඒ හොඳ බවද දේශය ප්‍රසන්න බවද දැක බර ඉසිලීමට තමාගේ කර නමා අමාරු වැඩට දාසයෙක් වුණේය.


දාන් අශ්වයා පිට නැගී යන අය පස්සට වැටෙන ලෙස අශ්වයාගේ විලුඹුවලට දෂ්ටකරන්නාවූ මාර්ගයෙහි සිටින සර්පයෙක් වන්නේය, මාවත සිටින පොළඟෙක් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්