අපේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරනසේක්ද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේයයි කීවේය.
විනිශ්චයකාරයෝ 16:28 - Sinhala Revised Old Version සම්සොන් ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය. Sinhala New Revised Version සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය. |
අපේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරනසේක්ද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේයයි කීවේය.
ස්වාමිනි, නැගුටුණ මැනව; දෙවියන්වහන්ස, ඔබගේ අත එසෙවුව මැනව. දිළිඳුන් මතකනැති නොකළ මැනව.
එවිට මම ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි, මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි.
ඔබගේ අධික කරුණාවෙන් මාගේ සතුරන් සිඳදමා, මාගේ ආත්මයට පීඩාකරන සියල්ලන් විනාශකළ මැනව; මක්නිසාද මම ඔබගේ මෙහෙකරුයෙමි.
ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
ස්වාමීන්වහන්ස, ඔබම දන්නාසේක. මා සිහිකොට, මා දෙස බලා, මාගේ පීඩාකාරයන්ගෙන් මා ගැන පළිගත මැනව; [ඔවුන් කෙරෙහි ඇති] ඔබගේ ඉවසිලිවන්තකම නිසා, මා තුරන් නොකළ මැනව, මා ඔබ නිසා නින්දාව ඉසිලූ බව සිහිකළ මැනව.
මා තුළ මාගේ ආත්මය ක්ලාන්තවූ විට මම ස්වාමීන්වහන්සේ සිහිකෙළෙමි. මාගේ යාච්ඤාව ඔබ වෙතට, ඔබගේ ශුද්ධ මාළිගාවට, පැමිණියේය.
ලෝකරුවාවූ අලෙක්ෂන්දර් මට බොහෝ නපුරුකම් පෑවේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ ක්‍රියාවල් ලෙස ඔහුට විපාකදෙනවා ඇත.
මම තව මක්කියම්ද? ගිඩියොන්ද බාරක්ද සම්සොන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල්ද ප්‍රොපේතවරුන්ද ගැන කියන්ට කල් මදිය.
ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය.
එවිට ඔහු ඉතා පිපාසිතව ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: ඔබගේ මෙහෙකරුවා ලවා ඔබම මේ මහත් ගැළවීම දුන්සේක. දැන් මම පිපාසායෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසුවන්නෙම්දැයි කීවේය.
ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතිවරුත් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සම්සොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය.
ස්වාමීන්වහන්ස, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශවෙත්වා. නුමුත් උන්වහන්සේට ප්‍රේමකරන්නෝ සූර්යයා ස්වකීය වික්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙත්වයි කීවෝය. දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.