Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:27 - Sinhala Revised Old Version

27 ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතිවරුත් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සම්සොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේ ය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝ ද එහි සිටියෝ ය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන්දහසක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේ ය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝ ද එහි සිටියෝ ය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන්දහසක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:27
6 හුවමාරු යොමු  

නුඹ අලුත් ගෙයක් ගොඩනගන විට යමෙක් පියස්සෙන් වැටීමෙන් ලේවල දෝෂය නුඹේ ගේ පිටට නුඹ විසින් පමුණුවානොගන්න පිණිස පියස්ස වටේ පවුරක් සාදන්න.


දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.


ඔවුන් නිදාගන්ට පළමුවෙන් ඈ පියස්ස උඩ ඔවුන් වෙතට ඇවිත්,


ඒ නුවර තුළ සවි ඇති බලකොටුවක් විය, සියලු ස්ත්‍රීන් හා පුරුෂයෝද නුවර වැසි සියල්ලෝ ද එහි පලාගොස් දොරවල් වසාගෙන කොටුවේ පියස්ස මුදුනට නැගුණෝය.


සම්සොන් තමාගේ අත අල්වා සිටි යෞවනයාට කථාකොට: මේ ගෘහය පිහිටා තිබෙන කුළුනුවලට මා හාන්සිවෙන පිණිස ඒවායේ මාගේ අත තබා බලන්ට ඉඩහරින්නැයි කීවේය.


සම්සොන් ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්