Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 15:15 - Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්ස, ඔබම දන්නාසේක. මා සිහිකොට, මා දෙස බලා, මාගේ පීඩාකාරයන්ගෙන් මා ගැන පළිගත මැනව; [ඔවුන් කෙරෙහි ඇති] ඔබගේ ඉවසිලිවන්තකම නිසා, මා තුරන් නොකළ මැනව, මා ඔබ නිසා නින්දාව ඉසිලූ බව සිහිකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එවිට ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “සමිඳුනි, ඔබ සියල්ල දන්න සේක, මා සිහි කොට, මා දෙස බලා මට පීඩා කරන්නන්ගෙන් මා වෙනුවෙන් පළිගත මැනව. ඔවුන් කෙරේ ඇති ඔබේ ඉවසිලිවන්තකම නිසා මා තුරන් නොකළ මැනව. ඔබ නිසා මා නින්දාව ඉසිලූ බව සිහි කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එවිට ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “සමිඳුනි, ඔබ සියල්ල දන්න සේක, මා සිහි කොට, මා දෙස බලා මට පීඩා කරන්නන්ගෙන් මා වෙනුවෙන් පළිගත මැනව. ඔවුන් කෙරේ ඇති ඔබේ ඉවසිලිවන්තකම නිසා මා තුරන් නොකළ මැනව. ඔබ නිසා මා නින්දාව ඉසිලූ බව සිහි කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 15:15
42 හුවමාරු යොමු  

එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ මා දන්නාසේක; ඔබ මා දකිනසේක, මාගේ සිත ඔබ කෙරෙහි තිබෙන්නේ කොහොමද කියා ඔබ විභාගකරනසේක. ඔවුන් මරණයට නියම බැටළුවන් මෙන් වෙන්කර, මරා දැමීමේ දවසට සූදානම්කළ මැනව.


මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය.


ධර්මිෂ්ඨයා සෝදිසිකරන්නාවූ, අදහස්ද සිතද දකින්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි.


මම නම් එඬේරෙක්ව සිටීමෙන්ද ඔබ අනුව යාමෙන්ද හැරී නොගියෙමි; කාලකණ්ණි දවසට මම ආශාද නූණෙමි; ඔබම දන්නාසේක. මාගේ තොල්වලින් නික්මුණු කාරණය ඔබගේ මුහුණ ඉදිරියෙහිම තිබුණේය.


තවද සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදුවී ඇවිත් දොරටු රැකවල් කරන්ටය කියා මම ලෙවීවරුන්ට අණකළෙමි. මාගේ දෙවියන්වහන්ස, මේ නිසාත් මා සිහිකර, ඔබගේ කරුණාවේ මහත්කම පරිද්දෙන් මට දයාවී වදාළ මැනව.


නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.


මක්නිසාද මම කථාකරන සෑමවිටම මොරගසමි; බලාත්කාරය හා නාස්තියයයි කෑගසා කියමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනය සෑමදාම මට නින්දාවක් සහ කවටකමක් කරනලද්දේ විය.


ඔබගේ මෙහෙකරුවාගේ දවස් කොපමණද? මට පීඩාකරන්නන් කෙරෙහි ඔබ කවදා යුක්තිය ඉෂ්ටකරනසේක්ද?


මා විසින් ඔබගේ තෝරාගත්තවුන්ගේ ශුභසිද්ධිය දකින පිණිසත්, ඔබගේ ජාතියගේ සන්තෝෂයට භාගිවන පිණිසත්, ඔබගේ උරුමයවූවන් සමඟ ජය ප්‍රකාශකරන පිණිසත්,


මාගේ දෙවියන්වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මට යහපත පිණිස සිහිකළ මැනව.


ස්වර්ගය සහ ශුද්ධවන්තයෙනි, ප්‍රේරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්‍රීතිවෙන්න; මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චයකළසේක.


ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය.


ලෝකරුවාවූ අලෙක්ෂන්දර් මට බොහෝ නපුරුකම් පෑවේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ ක්‍රියාවල් ලෙස ඔහුට විපාකදෙනවා ඇත.


එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.


ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.


ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය.


අහෝ මාගේ මෑණියෙනි, මුළු දේශය සමඟ තරඟද විවාදද කරන මනුෂ්‍යයෙකු වෙන්ට නුඹ මා බිහිකළ නිසා මට දුක්වේ! මම ණය නුදුන්නෙමි, ණය නොගත්තෙමි; එහෙත් සියල්ලෝම මට ශාපකරති.


අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.


මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි.


මා, මෙයින් ගොස්, නැතිවී යන්ට ප්‍රථම, මට ශක්තිය ලැබෙන පිණිස කල් දුන මැනව.


ඔබ මාගේ සිත පරීක්ෂාකළසේක; රාත්‍රියේ මා බැලූසේක; ඔබ මා විමසූසේක, මා තුළ කිසි නපුරු අදහසක් නොදක්නාසේක; මාගේ මුඛයෙන් වරද නොකරන්ට නියමකරගතිමි.


ඔබ මාගේ අපරාධය විමසනසේක, මාගේ පාපයක් සොයා බලනසේක.


පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් කටයුතු නියම කාලවලට දර පඬුරුද ප්‍රථම ඵලද ගැන නියමකෙළෙමි. මාගේ දෙවියන්වහන්ස, යහපත පිණිස මා සිහිකළ මැනව.


මාගේ දෙවියන්වහන්ස, ටෝබියාද සන්බලාට්ද කළ මේ ක්‍රියාවල හැටියට, ඔවුන් සහ ප්‍රොපේතවරිය වූ නෝවදියාද මා භයගන්වන්ට උත්සාහකළ අනික් ප්‍රොපේතවරුන්ද සිහිකළ මැනව.


ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?


සම්සොන් ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය.


එසේය, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මැරීමට නියම බැටළුවන් මෙන් ගණිනලද්දෝ වමුව.


මම මේ සෙනඟට විරුද්ධව නුඹ බලවත් පිත්තල පවුරක් කරන්නෙමි; ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය, නුමුත් නුඹෙන් ජය නොගන්නෝය. මක්නිසාද නුඹ ගළවන්ටත් නිදහස් කරන්ටත් මම නුඹ සමඟ සිටිමි.


නුමුත් ස්වාමීන්වහන්සේ භයානකවූ බලවන්තයෙකු මෙන් මා සමඟ සිටිනසේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය, ජය නොගන්නෝය. ඔව්හු නුවණින් ක්‍රියා නොකළ නිසා බොහෝසෙයින් ලජ්ජාවට පැමිණෙන්නෝය, එය කවදාවත් සිහිනැති නොවන සදාකාල අවනම්බුවක් වන්නේය.


නුමුත්, ස්වාමීන්වහන්ස, මා මරන්ට මට විරුද්ධව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබම දන්නාසේක; ඔවුන්ගේ අයුතුකම කමා නොකළ මැනව, ඔවුන්ගේ පාපයද ඔබගේ ඇස් හමුයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිල වැටෙත්වා; ඔබගේ උදහස් කාලයේදී ඔවුන්ට ප්‍රතිඵල දුන මැනව.


ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ අත්වල ක්‍රියා ලෙස ඔබ ඔවුන්ට ප්‍රතිඵල දෙනසේක.


ඔබ උදහසින් ඔවුන් එළවාගෙන ගොස්, ස්වාමීන්වහන්සේගේ අහස යටින් ඔවුන් විනාශකරදමන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්