ලෙවී කථාව 17:7 - Sinhala Revised Old Version ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය. Sinhala New Revised Version තවද, ඔවුන් යකුන් පසුපස ගොස් මට අවිශ්වාසවන්ත වී ඔවුන් වැළඳගෙන ඔවුන්ට පුද කළ පරිදි මින්පසු තවත් පූජා නොකළ යුතු ය. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. Sinhala New Revised Version 2018 තවද, ඔවුන් යකුන් පසුපස ගොස් මට අවිශ්වාසවන්ත වී ඔවුන් වැළඳගෙන ඔවුන්ට පුද කළ පරිදි මින්පසු තවත් පූජා නොකළ යුතු ය. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. |
සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.
මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය. ඔව්හු වාත්තු වස්සෙකු සාදාගෙන ඊට නමස්කාරකර, පූජාකර–එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝයයි කීසේක.
නැතහොත් නුඹ දේශයේ වැසියන් සමඟ යම් ගිවිසුමක් කරනවා ඇත. එවිට ඔවුන් තමුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කරමින් තමුන්ගේ දෙවිවරුන්ට යාග පුදන කල්හි ඔවුන්ගෙන් කෙනෙක් නුඹට අඬගසන කල නුඹ ඔහුගේ යාගයෙන් කෑමටද,
මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. නුඹ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු මිසරයේදී වේශ්‍යාකම් කළෝය; ඔවුන්ගේ යෞවන වයසේදී වේශ්‍යාකම්කළෝය. ඔවුන්ගේ පියයුරු එහිදී මිරිකනු ලැබීය, එහිදී ඔවුන්ගේ කන්‍යා වයසේ තනපුඩු තැළුණේය.
ඈ මිසරයේදී පටන්ගත් ඇගේ වේශ්‍යාකම් අත්හැරියේ නැත; මක්නිසාද ඇගේ යෞවන වයසේදී ඔව්හු ඈ සමඟ සයනයකළෝය, මොව්හුද ඇගේ කන්‍යා වයසේ තනපුඩු මිරිකා ඔවුන්ගේ වේශ්‍යාකම ඈ පිට වැගිරෙවුවෝය.
තවද ඔවුන්ට මෙසේ කියන්න: ඉශ්‍රායෙල් වංශයෙන්වත් ඔවුන් අතරෙහි වසන විදේශීන්ගෙන්වත් දවන පූජාවක් හෝ යාගයක් හෝ පූජාකරන කවරෙක් නුමුත්,
මම ඒ මනුෂ්‍යයාටද ඔහුගේ පවුලටද විරුද්ධව මාගේ මුහුණ යොමුකොට, ඔහුද මොලෙක් සමඟ වේශ්‍යාකම් කරන්ට ඔහු සමඟ වේශ්‍යාකමට ගිය සියල්ලන්ද ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.
නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.
තවත් නුඹලා සමඟ බොහෝකොට කථා නොකරමි, මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත;
නුමුත් මිත්‍යාදෘෂ්ටීන් පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ දෙවියන්වහන්සේට නොව යක්ෂයන්ටයයි කියමි. නුඹලා යක්ෂයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි.
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.
පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.
දෙවියන්වහන්සේ නොවන දේවතාවන්ට, එනම් ඔවුන් නොදැන සිටියාවූ දෙවිවරුන්ට, අලුතෙන් පැමිණි අමුතු දෙවිවරුන්ට ඔව්හු පූජාකළෝය. නුඹලාගේ පියවරු ඒ දෙවිවරුන්ට භය නූණෝය.
මේ පීඩාවලින් මරනු නොලැබ ඉතිරිවූ මනුෂ්‍යයෝද යක්ෂයන්ටත් දකින්ට අසන්ට හෝ ඇවිදින්ට නුපුළුවන් රන් රිදී පිත්තල ගල් ලී යන රූපවලටත් නමස්කාර නොකරන ලෙස තමුන්ගේ අත්වල වැඩ ගැන පශ්චාත්තාපවුණේ නැත.