Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:8 - Sinhala Revised Old Version

8 ඈ මිසරයේදී පටන්ගත් ඇගේ වේශ්‍යාකම් අත්හැරියේ නැත; මක්නිසාද ඇගේ යෞවන වයසේදී ඔව්හු ඈ සමඟ සයනයකළෝය, මොව්හුද ඇගේ කන්‍යා වයසේ තනපුඩු මිරිකා ඔවුන්ගේ වේශ්‍යාකම ඈ පිට වැගිරෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඈ මිසරයේ දී පටන්ගත් ඇගේ වේශ්‍යාකම අත්හැරියේ නැත; කුමක්නිසා ද, ඇගේ යෞවන වියෙහි දී ඔව්හු ඇය සමඟ සේවනයෙහි යෙදුණාහ. මොවුහු ද ඇගේ කුමරි වියෙහි තනපුඩු පිරිමැද ඔවුන්ගේ කාමාශාවට තෘප්තිය ඇගෙන් ලබාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඈ මිසරයේ දී පටන්ගත් ඇගේ වේශ්‍යාකම අත්හැරියේ නැත; කුමක්නිසා ද, ඇගේ යෞවන වියෙහි දී ඔව්හු ඇය සමඟ සේවනයෙහි යෙදුණාහ. මොවුහු ද ඇගේ කුමරි වියෙහි තනපුඩු පිරිමැද ඔවුන්ගේ කාමාශාවට තෘප්තිය ඇගෙන් ලබාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:8
10 හුවමාරු යොමු  

එහෙත් ඈ මිසර දේශයේදී වේශ්‍යාකම්කළාවූ ඇගේ යෞවන වයසේ දවස් සිහිකරමින් ඇගේ වේශ්‍යාකම් වැඩිකළාය.


ඔව්හු මිසරයේදී වේශ්‍යාකම් කළෝය; ඔවුන්ගේ යෞවන වයසේදී වේශ්‍යාකම්කළෝය. ඔවුන්ගේ පියයුරු එහිදී මිරිකනු ලැබීය, එහිදී ඔවුන්ගේ කන්‍යා වයසේ තනපුඩු තැළුණේය.


ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම්කරන ආවුදයකින් හැඩ කොට වාත්තු වස්සෙකු සෑදුවේය. ඔව්හුද: එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝය.


ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තුකළ පිළිම වන වස්සන් දෙන්නෙක්ද අෂේරා කණුවක්ද සාදාගන, මුළු අහස් සේනාවට නමස්කාරකරමින්, බාල්ට සේවයකළෝය.


එසේවී නුමුත් බෙතෙල්හිද දාන්හිද තිබුණ රන් වස්සන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් යේහු අහක්නොවීය.


එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.


මෙසේ නුඹේ යෞවන පියයුරු නිසා මිසරවරුන් නුඹේ තනපුඩු මිරිකන කල හටගත් නුඹේ යෞවන සල්ලාලකමට නුඹ හැරුණෙහිය.


ඔවුන්ගේ මළකඳන් වනාහි සොදොම සහ මිසරයත්යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන, ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ කුරුසියෙහි ඇණගසනලද මහත් නුවර වීථියේ තිබෙනවා ඇත.


නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකරදමා, මිසරයේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි ඔවුන්ට කීමි.


නුඹ ඒවා බී උරා, ඒකේ කැබිලිති හපා, නුඹේ තන උදුරාදමන්නෙහිය. මක්නිසාද මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්