යොෂුවා 18:3 - Sinhala Revised Old Version යෝෂුවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට නුඹලා කොපමණකල් ප්‍රමාදවන්නහුද? Sinhala New Revised Version ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද? Sinhala New Revised Version 2018 ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද? |
කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
එකොළොස්වෙනි පැය පමණේදීත් පිටත්ව ගොස්, එහි තවත් අය සිටිනවා දැක: නුඹලා මෙතැන දවස මුළුල්ලේ නිකම් සිටින්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.
ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.
යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටි කල ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මහලුව වයෝවෘද්ධව සිටින්නෙහිය, හිමිකරගැනීමට දේශයෙන් විශාල කොටසක් තවම ඉතුරුව තිබේ.
නුඹලා උදෙසා එක එක ගෝත්‍රයට මනුෂ්‍යයන් තුන් දෙනෙකු බැගින් පත්කරන්න. මම ඔවුන් යවන්නෙමි, ඔව්හු පිටත්ව දේශයෙහි ගමන්කොට තමුන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒක සටහන් කරගන මා වෙතට එන්නෝය.
ඔව්හුද: අපි පිටත්වී ඔවුන්ට විරුද්ධව යමුව. මක්නිසාද ඒ රට ඉතා යහපත් බව අපි දුටිමුව. නුඹලා නිකම් සිටිනවාද? ඒ රටට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිස යන්ට මැලිනොවන්න.