Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 18:9 - Sinhala Revised Old Version

9 ඔව්හුද: අපි පිටත්වී ඔවුන්ට විරුද්ධව යමුව. මක්නිසාද ඒ රට ඉතා යහපත් බව අපි දුටිමුව. නුඹලා නිකම් සිටිනවාද? ඒ රටට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිස යන්ට මැලිනොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔව්හු පිළිතුරු දෙමින්, “අපි පිටත් වී ගොස් ඔවුන්ට පහර දෙමු. මන්ද, ඒ රට ඉතා යහපත් බව අපි දුටිමු. කිසිත් නොකර මෙහි සිටින්නේ මන් ද? ඒ රටට ඇතුළු වී එය හිමි කරගන්න පිණිස යන්නට මැළි නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔව්හු පිළිතුරු දෙමින්, “අපි පිටත් වී ගොස් ඔවුන්ට පහර දෙමු. මන්ද, ඒ රට ඉතා යහපත් බව අපි දුටිමු. කිසිත් නොකර මෙහි සිටින්නේ මන් ද? ඒ රටට ඇතුළු වී එය හිමි කරගන්න පිණිස යන්නට මැළි නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 18:9
13 හුවමාරු යොමු  

කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.


යෝෂුවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට නුඹලා කොපමණකල් ප්‍රමාදවන්නහුද?


නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.


එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; තවද ස්වාමීන්වහන්සේ ඔබ ගැන නපුරක් කථාකළසේකැයි කීවේය.


ඉශ්‍රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය.


ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය.


පිලිස්තිවරුනි, ශක්තිමත්ව පුරුෂයන්මෙන් සිටින්න, හෙබ්‍රෙව්වරුන් නුඹලාට මෙහෙකරුවන් වූ ලෙස නුඹලා ඔවුන්ට මෙහෙකරුවන් නොවන පිණිස පුරුෂයන් මෙන් සිට සටන්කරන්නැයි කීවෝය.


ඔව්හු ශොරාහිද එෂ්තායොල්හිද සිටි තමුන්ගේ සහෝදරයන් වෙතට ආවෝය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කථාකොට: නුඹලා කියන්නේ මොකදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


නුඹලා ගියාම අප්‍රවේසමෙන් සිටින සෙනඟක් කරා පැමිණෙනවා ඇත, ඒ රට විශාලය. දෙවියන්වහන්සේ නුඹලා අතට ඒක දී තිබේ; එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයක්යයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්