Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 13:1 - Sinhala Revised Old Version

1 යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටි කල ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මහලුව වයෝවෘද්ධව සිටින්නෙහිය, හිමිකරගැනීමට දේශයෙන් විශාල කොටසක් තවම ඉතුරුව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මහලු ව, වයෝවෘද්ධ ව සිටින්නෙහි ය; හිමි කරගැනීමට දේශයෙන් විශාල කොටසක් තව ම ඉතිරි ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මහලු ව, වයෝවෘද්ධ ව සිටින්නෙහි ය; හිමි කරගැනීමට දේශයෙන් විශාල කොටසක් තව ම ඉතිරි ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 13:1
12 හුවමාරු යොමු  

බලව, ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයෙහි හැසුරුණු කල්හි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ සතළිස් පස් අවුරුද්ද තුළ ස්වාමීන්වහන්සේ කී හැටියට මා ජීවත්කොට රක්ෂාකළසේක. අද මම අසූපස් අවුරුද්දක් වයස්ව සිටිමි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව එතරට යනසේක; උන්වහන්සේම නුඹ ඉදිරියෙන් මේ ජාතීන් විනාශකරනසේක, නුඹ ඔවුන්ගේ දේශය හිමිකරගන්නෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස යෝෂුවා නුඹට පෙරටුව යන්නේය.


මේ කාරණාවලට පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුදු වයස්ව මළේය.


එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවීය, ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය.


ආබ්‍රහම්ද සාරාද මහලුව වයෝවෘද්ධව සිටියෝය; ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව නැවතී තිබුණේය.


දාවිත් රජ මහලුව වයස්ගතව සිටිය කල වස්ත්‍රවලින් වසනු ලැබූ නුමුත් ඔහුට උණුහුම ලැබුණේ නැත.


තවත් ඉතුරුව තිබෙන දේශය මේය: මිසරය ඉදිරිපිට තිබෙන ෂීහෝර් පටන් කානානිවරුන්ට අයිතිව උතුරේ තිබෙන එක්‍රොන් සීමාව දක්වා


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා කානාන් දේශයට පැමිණි කල්හි නුඹලාට උරුමයක් කොට වැටෙන දේශය නම් ඒකේ සීමාවල ප්‍රකාරයට කානාන් දේශයය.


එතනින් සීමාව යොර්දාන අද්දරින් බැස ලුණු මුහුද ළඟදී කෙළවර වන්නේය. වටකර සීමාවල ප්‍රකාරයට මේක නුඹලාගේ දේශය වන්නේයයි කීසේක.


යෝෂුවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට නුඹලා කොපමණකල් ප්‍රමාදවන්නහුද?


ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්